අද ගාමනි බලන්න හිතුමතේට පුලුවන් උනා.. ඒත් එක්කම ජිවිතේ තවත් හිතුමතේගේ හිතට දුක දැනුන තවත් එක දෙයක් ගැන මතක් උනා... මගේ දුක අහන්න ආපු අයගේ ශක්තියත් එක්ක මේ කථාව කියන්න හිතුමතේ හිතුවා....
ගාමණි චිත්‍රපටිය ගැන කථා නොකොලොත් එය නිර්මාණය කල කෙනාට කරන අසාධාරනයක්... මම දැක්කා බ්ලොග් කිහිපයකම ඒ ගැන කථා කරලා තියනවා..
හිතුමතේ අද බලපු ගාමි
ණි ගැන හිතනකොට ගොඩාක් දෙනෙක්ට රටේ මෙහෙම දේවල් වුනා කියල මතක් කරන්න පුලුවන් චිත්‍රපටියක්...කියලා හිතුමතේ නම් හිතනවා.. නිර්මාණයට ලකුනු දෙනවානම් මම සියයට අනු නමයක්ම දෙනවා.. ඉතිරි එක අඩුවෙන්නේ සමහර තැන්වල දිල්හානි මිස් රගපානකොට කියන බොලද වචන නිසයි...
මගේ ජිවිතේටත් ගාමණි එකේ අත්දැකිමක් සම්බන්ධයි... අද කියවන්න හිතුමතේගේ ඒ කථාව..
අතුරු කථාවක් කියලාම ඉන්නම්කෝ...
හිතුමතේගේ දැන් ගොඩාක් කැමතිම දෙයක් වෙලා තියෙන්නේ ෆිල්ම් බලන්න..
ඒකාලේ ෆිල්ම් එකක් හොල් එකට ආවහම කාගේන්වත් ඒක බලන්න යන්න රුපියල් 30 , 40ක් ඉල්ලගන්නේ නැතුව බලපු අයගෙන් විස්තර අහගෙන රසවිදපු අතිතයක් හිතුමතේ උරුම වෙලා තිබුනේ..
ඒත් හිතුමතේ අද ටිකක් විතර චිත්රපටිනම් බලනවා....
ගොඩාක්ම කැමතිනම් ඉතින් තාක්ෂණයත් එක්ක යන ඒවාට තමයි...
හිතුමතේ පොඩි කාලේ ටෙලිවිශන් එකක් අතින් අල්ලවත් තිබුනේ නම් නැ.. රතු හාමි නැන්දාලාගේ ගෙදර එහෙම එකක් තිබුනත් කවදාවත් ඒක ලගටවත් යන්න ඉඩක් ලැබුනේ නැ...
දවසක් අපේ ගෙවල් ලග මාමා කෙනෙක්ගේ යාලුවෙක් අලුත් ටිවි එකක් ගන්න පරණ එයාලාගේ කළු සුදු ටිවි එක රුපියල් 2000කට විකුණනවා පුලුවන්නම් ගන්න කියලා කිවහම හිතුමතේගේ හිතේ මලක් පිපුනා වගේ..(දැන් ඒ ගැන මතක් වෙනකොටත් ඇස් වලට කදුළු එනවා......)
අම්මට තාත්තට කරදර නොකලත් හැමවෙලේම එක ගැන අහනකොට තාත්තාගේ ඇස් වල ආපු කදුළු වල වටිනාකම අදත් මට දැනෙනවා..
ජිවත් වෙන්න මහ පොළව එක්ක සටන් කරන මගේ තාත්තාට එදා අපි එහෙම අහපු එක වැරද්දක්ද මන්දා...
එක දිගට දවස් 4,5ක් නිදි මර මරා තාත්තා මහන්සි උනා.. ගොඩාක් මහන්සි උනා.. දවස් 10කින් විතර අපේ ගෙදරටත් කළු සුදු රුප පෙට්ටියක් ගෙනවා... අද වගේ මතකයි එදා ඒ සතුටට මම කැවේත් නැ.. බැටරියෙන් දවසම ඕක බල බලා උන්නේ.. මට මතක විදිහට එදා මම හුනු වටයේ කතාව බැලුවා..
තාත්තාගේ අත්වල කරගැට එනකන් මහන්සිවෙලා පුන්චි අපේ හිතේ සතුට වෙනුවෙන් මහ ලොකු කැපවිම් මගේ අම්මයි තාත්තයි කලා.....
එතකොට මොකක්ද මේ හිතුමතේ උඩින් දාලා තියන කථාව කියලා දැන් හිතනවා ඇතිනේ....
හිතුමතේ කියන්නේ ගොඩාක් දුක් විදපු චරිතයක්...
ඒ දුකෙන් ටික ටික ඔයාලා එක්ක මම බෙදාගත්තානේ.. දැන් නම් හිතෙනවා මෙහෙම දුක කියනකොට ඔයාලට හිතුමතේව එපා වෙයිද කියලා....
හිතුමතේට ඉගන ගන්න උදව් කරපු කෙනෙක් විදිහට තිස්ස අයියාව හදුන්වලා දෙන්න පුලුවන්..
තිස්ස අයියත් ගොඩාක් අමාරුවෙන් ජිවත් උනත් හිත හොද කොල්ලෙක්..
අපේ ගම් වල ගොඩාක් අය කරන්නේ ආරක්ෂක සේවාවල රැකියාවට යන එක.. දැන් කාලේ නෙමේ... යුද්දේ තිබුනු කාලේ..
තිස්ස අය්යත් එහෙම කාලෙක එහෙම රස්සාවට ගියා... රස්සාව විදිහටම නෙමේ අය්යා ගොඩාක් මේ රටට ආදරේ කලේ..
හැමදාම මට කිවේ රටට වින කරන ත්‍රස්ථයෝ දෙතුන් දෙනෙක්වත් දවසකට මේ රටට වින කරන එකෙන් නවත්වන්න පුලුවන්නම් ඒක තමා සතුට කියලා...
ගන්න පඩියෙන් හැම මාසෙකම මට පොත් ගන්න කියලා රුපියල් 1000ක් 1500ක් දෙන්න තරම් අය්යා කරුනාවන්ත උනේ අයියාගේ පවුලේ තව පාසල් යන නංගිලා දෙන්නෙකුටයි මල්ලි කෙනෙක්ටයි වියදම් කරන ගමන්....
ගොඩාක් දෙනෙක්ට රුපියල් 1000ක් 1500ක් කියන්නේ ලොකු ගානක් නොවෙන්න පුලුවන් ඔයාලට... ඒත් හිතුමතේට ඒක මහ මෙරක් තරම්..
මෙහෙම උදව් කරන තිස්ස අය්යා මාස දෙක තුනකට සැරයක් ගමට එනකොට අපිට රජ මගුල්... කවදාවත් කාලා නැති චිස් කැලි... ඇපල් දොඩම් අරගෙන එනවා කියලා අපි දැන ගෙන උන්න නිසා එනකන් මග බලාගෙන උන්නේ...
එහෙම ආපු දවසක මල්ලි.... දැන්නම් මොනවා වෙයිද මන්දා හිතාගන්න බැරිතරම් සැරට ගැටුම් දුවනවා... අපිත් ගහනවා.. එහෙනුත් ඇටැක් එනවා... ඔය මොනවා හරි එකකින් මම මැරුනොත් ඔයාලා හොදට ඉගන ගන්න කියලා කියනකොට අය්යාට විකාර කියන්න එපා කියලා කට වැහුවත් ඒ ගිය අය්යා ආයේ ගෙදර ආවේ පණ පිටින් නම් නෙමේ..
සමහර විට අය්යාට දැනෙන්න ඇති අයියාට යන්න කාලේ හරි කියලා...
හැමදාම අයියා කියනවා වගේ මල්ලි මම මැරුනොත් වෙඩි වැදිලා හොදට බලන්න මගේ පපුවට හරි ඉස්සරහට තමා වෙඩි වැදෙන්න ඕනේ... සිංහ පැටව් අපි... ඉස්සරහට තියපු අඩියක් පස්සට ගන්නේ නැ.... යනවානම් ඒ ඉස්සරහට තමයි... මමම් පස්සට යන්නේ නැ මල්ලි... අයියා කිවා වගේම අයියාගේ පපුවටමයි වෙඩි වැදිලා තිබුනේ..
හිතුමතේට ශක්තියක් උනු ඉගන ගන්න උදව් කරපු අය්යා එහෙම අපේ ජිවිත වලින් ඇත් වෙලා ගියත් තාමත් අය්යාව මට නිතරම මතක් වෙනවා.... ඒ අයියා මහා ලොකු සල්ලි කාරයෙක් නොවුනත් පුලුවන් උපරිමයෙන් දුක තේරුම් ගත්තු කෙනෙක් නිසා... දුක් විදපු මේ හිතුමතේ අය්යාගේ මරණයත් එක්ක තවත් අසරණ උනා..
ඒත් අයියා අන්තිමට මගෙන් ඉල්ලපු දේ දෙන්න තරම් මට හැකියාවක් අද තියනවා... හොදට ඉගනගෙන අනිත් අයටත් උදව් කරපන් මල්ලියේ... තාමත් මට ඒ වචන ඇහෙනවා දෝ කාර දෙනවා..
හිත ගොඩාක් රිදුනු දවසක් නිසා ඒ දවස ගැන ඒ තරම් හිතට දැනෙන විදිහට ලියවිලා නැද්ද මන්දා....
පුන්චිම හරි උදව්වක් කා වෙනුවෙන් හරි කරන්න පුලුවන් කම තියනවානම් නොකර ඉන්න එපා.. ඒකෙන් ඒ ප්‍රශ්නේ විසදෙනවා වගේම හිතට සතුටක් දැනෙවි.. හොද අහන්න බලාපොරොත්තුවෙන් කරන්න එපා... කළ හොද ඒ වුනාට පස්සෙන් එළවනවා...
හිතුමතේට ජයවේවා
හොඳට ඉගෙන ගෙන උඹ තිස්ස අයියට උපහාරයක් වෙලා...අනික අම්මල තාත්තල දරුවො වෙනුවෙන් කොච්චර කැපවෙනවද බං....
ReplyDeleteගාමිනි නෙමෙයි ගාමනී නේද....???
ReplyDeleteඑහෙම මිනිස්සුත් ඉන්නව කලාතුරකින්.නේද යාලු
ReplyDeleteහ්ම්... ඔයා හොද තැනක ඉන්නවානම් ඒ ටික ඇති අර අයියට පිං ලැබෙන්න.
ReplyDeleteඔක්කොම හරි ඇති නමුත් ඔය නම නම් වැරදියි. මේක වෙන්න ඕනි ගාමණි මිසක් ගාමිණි නෙමෙයි.
ReplyDelete"පුන්චිම හරි උදව්වක් කා වෙනුවෙන් හරි කරන්න පුලුවන් කම තියනවානම් නොකර ඉන්න එපා.. ඒකෙන් ඒ ප්‍රශ්නේ විසදෙනවා වගේම හිතට සතුටක් දැනෙවි.. හොද අහන්න බලාපොරොත්තුවෙන් කරන්න එපා... කළ හොද ඒ වුනාට පස්සෙන් එළවනවා..."
ReplyDeleteඇත්ත අයියේ..මේක සහතික ඇත්ත.මොනා වුනත් හරිම සංවේදී..යුද්ධෙත් එක්කම ඔය වගේ තව කොච්ච්ර කතා මේ මහ පොළොවෙ වැළලෙන්න ඇත්ද??ජීවිතේ හරි පුදුමයි..හොඳ මිනිස්සුන්ව හරි ඉක්මණට ලෝකෙන් ඈත් කරනවා..
අනේ මගේ ඇස් වලට කදුළු ආවා.. ජීවිතේ අපි හිතන්නේ නැති දේවල් වෙනවා.. ඒ වගේමයි අපිට පුළුවන් උපරිමයෙන් අනිත් අයට උදව් කරන්න ඕනා.. ඒවා කවදාහරි අපිට ලැබෙනවා,, අපි ජීවත් වැ හිටිය කාලේදී හෝ නැති කාලේදී ඒවා අපිට ලැබෙනවා.. මගේ නෙත් කදුලින් පිරවූ මෙමෙ පොස්ටුව මෙමෙ බ්ලොග් අඩවියට මම ආපු පලවෙනි දවසෙම කියවූ පොස්ටුව .. වර්ණා ගේ හිත ගත්තා කියල සතුටින් දැනුම දෙනවා.. :))
ReplyDeleteගාමනි කියන්නේ ලස්සන චිත්‍රපටියක් මල්ලි !!! ආයෙම පාරක් බලන්න හිතෙනවා.
ReplyDeleteමල්ලි හොදතැනක ඉන්නවනම් අනිවාර්යෙන්ම අර අයියට සතුටු හිතෙයි !!!
හිතුමතේ, මේ බ්ලොග් අවකාශයේ ඉන්න ඔයාල වගේ ගුරුවරුන්ගෙන් මම හුඟක් දේවල් ඉගෙන ගන්නවා.
ReplyDelete(මේ ලිපිය කියවලා හිතට ආපු හැඟීම විස්තර කරන්න ගියොත් ඒ හැඟීමට වගේම ඔයාගෙ ලිපියටත් සාධාරණයක් වෙන්නෙ නෑ.)
දිගටම ලියන්න.ජයවේවා!
අනේ අර රූප පෙට්ටියේ කතාවට හරියට දුක හිතුනා...තිස්ස අයියා ගැනනම් ආඩම්බර වෙන්න ඕන..
ReplyDeleteමේ වගේ කතා තව කොච්චර නම් ඇතිද ...? පත්තරවලත් කීපයක් යනවා ඇති. අපි බ්ලොග් එකේ ඉන්න නිසා මේවා කියවනවා.
ReplyDeleteනමුත් මගෙ අදහස නම් වැඩි හරිය තවම සැඟවිලයි තියෙන්නෙ.
ජිවිතය ගගක් කිවිවොත් මම වැරදි නැ නේද ගග දිහා නිකමි බැලුවාම කොයි තරමි ලස්සනද නමුත් හරියට කල්පනා කලොත් ගග කොයිතරමි ගුප්තද ගග තරමටම බාධක ජිවිතයේදිත් අපට මුනගැහෙනවා ගගට වගේම සමහර තැන්වලදි ජිවිතය සෑහැල්ලුවෙන් ගලනවා වැට කොටු කොපමන බැන්දත් ගග වගේම ජිවිතයත් යායුතු තැනට යනවා එය නියතයක් නමුත් ගග සහා ජිවිතය අතර වෙනස මම දකින්නේ ජිවිතයට යමි සන්දිස්ථාන හමුවෙනවා ගලද්දි ගගට එවාදැනෙන්නේනැ
ReplyDeleteජිවිතයකට එවා දැනෙනවා විදිනවා විදවනවා.අතිතආවර්ජණයක් නැති
මිනිසා අහසින් කඩාවැටුන මිනිසෙකුට සමානය අතීතය මතක නිසා තමයි ඔයාට "තිස්ස" අයියා මතක් වෙන්නේ ජිවිත ගමනේදි අපට
ඉතිරිවෙන්නේ අතීතය විතරයි අතිතය යාපත්නමි මතක් කර කර
තව කෙනෙකුට කියන්නට හැකියි අයාපත් නමි කියනවා තිය මතක්කරන්න වත් දෙයක් නැත....ජය
Raj : අනිවාර්යෙන්ම රාජ් අයියේ.. දැන් ඇත්තටම ජොබ් එකේ ඉහලට යන්න තමයි මට ඕනේ..
ReplyDeleteඅසංක : අනේ අයියේ මුද්‍රණ දෝෂයක්... ඔන්න මම ඒක හැදුවා හොදේ..
ReplyDeleteTheekshana : ඇත්තටම ඒක නම් ඇත්ත යාලුවේ..
ReplyDeleteනිසුපා : ඇත්ත අක්කේ.... ඇත්තටම මටත් ඒ ගැන නම් සතුටුයි ගොඩාක්
ReplyDeleteanom :
ReplyDeleteඔව් යලුවා ඔන්න මම ඒක හදල තියෙන්නේ....
හිතුවක්කාරි : ඇත්තටම නංගියෝ , ගොඩාක් මේ වගේ දේවල් වෙලා ඇති කියලා මමත් නම් මේක බලන මොහොතක් මොහොතක් ගානේ මට දැනුනා
ReplyDeleteමධුරංග : ඔව් අයියේ... හැමෝටම සතුටු වෙන්න පුලුවන් තැනක මම ඉන්නවා කියලා මම හිතනවා...
ReplyDeleteලකි වික්‍රමසිංහ : මම හිතනවා අයියේ මේ පලවෙනි පැමිණිම කියලා... ඇත්තම ජිවිත අත්දැකිම් ඒ විදිහටම අකුරු කරන්න බැරි වෙලාවලුත් තියනවා අයියේ
ReplyDeleteසයුරි : තවත් කෙනෙක් ගැන දුකක් දැනෙන කෙනෙක් විම ඇත්තටම වාසනවාක්
ReplyDeleteවර්ණා : ඔයාව මග හැරිලානේ.. සමාවෙන්නකෝ.... ඇත්තටම ඔයාත් ගොඩාක් වාසනාවන්තයි..
ReplyDeleteදිගටම අපිව බලන්න එවි කියලා හිතනවා....
මමත් අදමද කොහෙද හිතුමතේව බලන්න ආවෙ
ReplyDeleteආපු දවසෙම ඇස් දෙකට කඳුලක් එක්කරපු පෝස්ට් එකක්
ඔයා තාම ඉගෙන ගන්න කෙනෙක්නම් හොඳට ඉගෙනගෙන අර අයියගේ හීනය හැබෑ කරන්න.
හිතුමතේ කියපු එක දෙයක් මගේ හිතට තදින් කා වැදුනා
අපි කෙනෙකුට පුංචියට හරි කරන උදව් එයාලට මහමෙරක් වගේ වෙන්න පුළුවන් කියන එක
දැනට කරනවට වඩා වැඩියමක් ලෝකෙට කරන්න ඕනේ කියන හැඟීම ඇති කරවන්න පුළුවන් උනා මල්ලියේ උඹේ මේ අකුරු ටිකට
ඒ වගේම මගේ අම්මයි තාත්තයි අපේ පවුලේ 5 දෙනාව ලොකු මහත් කරන්න විඳපු දුකත් මතක් උනා
(අද ඉඳල හැමදාම එනවා හිතුමතෙව බලන්න)
පපුවට වෙඩි වැදුනේ බුලට් පෲෆ් වෙස්ට් අඳින්නේ නැද්ද යුධ බටයෝ?
ReplyDeleteලොකු පුතා : අයියේ ඇත්තටම උබේ කථාව මට ගොඩාක් ලොකු ශක්තියක් ඇත්තටම හිතුමතේගේ දුක පිරුණු කථාවකින් එහෙම දැනුන එකත් මට ශක්තියක් අයියේ...
ReplyDeleteදැන් නම් මම රැකියාවක් කරනවා... ඒත් තව ඉස්සරහට යන්න ගොඩාක් ඉගන ගන්න තියනවා..
ඒක මට ගොඩාක් වටිනවා..
කතන්දර Kathandara : අදිනවා ඇති අයියේ.. තිස්ස අයියාගේ අවාසනාවට අපේ අවාසනාවට එහෙම ඒකක් පාවිච්චි කලේ නැද්ද දන්නේ නැ අයියේ
ReplyDeletekumaraya : ඔයා කිවේ ඇත්ත යාලුවා
ReplyDeleteසිත් සයුර : ඇත්තටම මතක් කර කර සතුටු වෙන්න ජිවිතේ ගැන හිතන්න පුලුවන් අතිතයක් තියනවා නම් ඒක තමයි ඒ කෙනාට තියන ලොකුම සම්පත... ඇත්තටම ජිවිතේ කියන්නේ දුක් ගොඩාක්...
ReplyDeleteමේක කියවනකොට මට චන්ද්‍රිකා සිරිවර්ධනගෙ සිංදුවක් මතක් වුනා.
ReplyDeleteරණ බිම මැරුණේ සිංහලයෙකු නම්...
පපුවේ වෙඩි සළකුණු ඇත්තේ...
සතුරට ළය දී මිස මැරුණේ නෑ...
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ...
දුක හිතෙනව හිතුමතේ.