Friday, February 3, 2012

නිදහස් දවසේ හිතුමතේ ගෙදර..

අවුරුද්දක් උදා වෙලා මාසෙකුත් ගෙවිලා..


අද නිදහස් දවස...


අපේ රටට නිදහස ලැබිලා අවුරුදු 64කුත් ගෙවිලා...


ඒත් ඇත්තටම අපිට නිදහස ලැබිලාද?


අපි දැන් ඉන්නේ නිදහසෙන්ද?


අවුරුදු ගානක් කාලකන්නි යුද්දයක් නිසා අපේ සහෝදර සහෝදරියෝ කි දෙනෙක් මේ ලොකෙන් යන්න ගියාද?


තිස්ස අය්යා වගේ උත්තම පුරුශයෝ කි දාහක් රටට නැති උනාද?


යුද්දේ ඉවර උනා කියලා අපි අද ඉන්නේ නිදහසින්ද කියලා හිතුමතේට හිතාගන්න බෑ..


ඒත් අපි අද නිදහස් ජාතියක්...


නිදහස් දවසේ හිතුමතේ ගෙදර..


සමවෙන්න ඔන බ්ලොග් එක පටන් ගත්තු කාලේ තිබුනු ගැම්ම අඩු වෙලා ගිහින්ද මන්දා..


හිතුමතේටත් දරාගන්න බැරි තරමට හිතට ප්‍රශ්න...


ඒත් හිතුමතේ වැටෙන්නෙත් නැ.. වට්ටන්නත් බැ කාටවත්..

Tuesday, December 27, 2011

ඇත්තටම ආදරේ ට අනිවාර්යෙන්ම කැපවිම ඕනෙමයිද??

හිතුමතේ 2011 වසරේ දාන අන්තිම ක‍ටු සටහන වේවි....

හිතුමතේ ජිවිතේ විදපු තවත් එක අත්දැකිමක් ඔයාලත් එක්ක බෙදා ගන්න කියලයි හදන්නේ..

හිතුමතේ ඇත්තටම මිට අවුරුදු 4,5කට කලින් ගොඩාක් දුක් විදපු කෙනෙක් කියලා ඔයාලා දන්නවනේ..

ඉතින්.... ජිවිතේ වෙනුවෙන් අරමුණු වෙනුවෙන් කැප වෙන්න කියලා ජිවිතේ තවත් එක් නිමේශයක් බ්ලොග් පි‍ටු මත දිග ලියවේවි...

රජ  පවුලක ඉපදුනත් හැමෝටම රජ වෙන්න බැ.. අපේ දේශපාන වංශ කතා දිහා බලනකොට ඒක ගොඩාක් හොදට ඔප්පු වෙනවානේ

ඒ වගේම දුප්පත් පවුලක ඉපදුනත් රජ වෙන්නත් පුලුවන් කැපවිමක් තියනවානම්..

හිතුමතේ තවම නම් රජ වෙලා නැ.. ඒත් ඉතින් ගොඩාක් දේවල් නම් හිතුමතේ දිනලා තියනවා..

රජයේ ‍රැකියාවක් දැන් කලත් උසස් පෙල ලියලා මේ රස්සාව මට ලැබෙනකන් මමත් ගොඩාක් මහන්සි උනා රස්සවක් හොයා ගන්න...

ඔය කාලේ මට ලැබුනා පුද්ගලික ආයතනයක ගිනුම් කරුගේ තනතුරක්... ඇත්තටම ගොඩාක් ලොකු තැනක් නෙමේ උනත් ගොඩාක් දෙනෙක් ගැවසෙන බයින්ග් ඇන්ඩ් සෙලින් කම්පැනි එකක්..

ඒක අයිති උනු මගේ ප්‍රධානියා ඒකේ තනි අයිති කරු, බොහොම කැපවිමෙන් වැඩ කරපු කෙනෙක්.. දියුනු වෙන්න ගොඩාක් උත්සහ කරපු කෙනෙක් විදිහට මම දකින

වැඩ කරන සේවකයොත් එක්ක පුදුම විදිහට එකතු වෙලා වැඩ කලේ...

බයින්ග් ඇන්ඩ් සෙලින් කිවට ගන්න අමුද්‍රවය මොකක් හරි නිෂ්පාදනයක් විදිහටම තමයි ආයතනයෙන් පිටට යවන්නේ.. ලංකාව ඇතුලේ විතරක් නෙමේ  රටින් පිට උනත් මේ ආයතනයට ඉල්ලුමක් තියෙනවා..

ඇත්තටම හිතුමතේ පොඩි කාලේ දේවල් නොලැබිම නිසා එක එක දේවල් කැප කලත් මේ අයතනය නිසා ගොඩාක් අත්දැකිමෙන්ම කැපවෙන හැටි අත් වින්දා..

ඒකට හුරු උනා.. ආයතනේ ප්‍රදානියත් එක්ක ගොඩාක් සේවකයෝ එකතු නිසා කවදාවත් ප්‍රශ්න තිබුනේ නැ.. ඉල්ලුම් කරුවෙකුගේ ඉල්ලිමක් ඒ වෙලාවටම ඉෂ්ඨ කරන්න පුදුම කැපවිමක් තිබුනේ...

අද දිවයිනේ ප්‍රදාන සැපයුම් කරුවෙක් ඒ ආයතන නිශ්පාදනය කරන නිමි භාන්ඩ වල තත්වය හා කැපවිම නිසා..

ඔයාත් ‍රැකියාවල් කරනවා ඇති.. ඔයාලගෙම එකක් නොවුනත් කැප වෙලා වැඩ කරන්න ඔයාලට පුලුවන්නම් ඔයාලගේ අනාගතේ ගොඩාක් සුරක්ෂිතයි..

හිතුමතේ හිතනවා මේ කැපවිම ‍රැකියාවට විතරක් නෙමේ විශේශයෙන්ම ආදරයේදිත් ගොඩාක් කැප වෙන්න ඕනා..

ආදරය වෙන්න ආදරේ කරන කෙනා වෙනුවෙන් කැප වෙන්න අමාරුයි නම් ඇත්තටම ඒ ආදරේ නොකරන එක හොදයි කියලා මම හිතනවා..

ජිවිත කාලේ පුරා එකට ඉන්න එක්කෙනෙක් වෙන්න කැපවිම විශ්වාසේ ගොඩාක් වැදගත්...

හිතුමතේ කියන්නේ ආදරේ නිසාත් විදවපු කෙනෙක්.. ඒත් ආදරේට ආදරේ කරන කෙනෙක්..

ඇත්තටම ආදරේ ට අනිවාර්යෙන්ම කැපවිම ඕනෙමයි නේද??
උදාවෙන 2012 අවුරුද්ද සුභම සුභ නව වසරක් වේවා යාලුවනේ ඔයාලා හැමෝටම

Saturday, December 24, 2011

සුභ නත්තලක් හා සුභ නව වසරක්

හිතුමතේ බ්ලොග් එකක් පටන් ගත්ත එක ඒ එකතු උනු අයට කරපු අසාධාරණයක්ද මන්දා.. මාසෙකට පොස්ට් 5ක් විතර දාන්න හිතාන උන්නත් ජිවිතෙත් එක්ක කරන යුද්දෙත් එක්ක මේ මාසේ නම් දාන දෙවෙනි පොස්ට් එක මේ..


තරහ අවසර...


මේකත් ඉතින් ගොඩාක් ලොකු පොස්ට් එකක් කියලා හිතුමතේ හිතන්නේ නම් නැ...


හෙට ඉතින් නත්තල සමරන සහෝදර සහෝදරියන්ට සුභම සුභ නත්තලක් වේවා කියලා හදවතින්ම සුභ පතනවා..


තව දවස් කිහිපයකින් උදාවෙන නව වසර ප්‍රිතිමත් නව වසරක් වේවා කියලාත් පතනවා හැමෝටම..


ඇත්තටම දැන් නත්තල කියලා සමරනවට වඩා වෙන්නේ ඒක වාණිජ කරනයට ලක් වෙලා කියලා මට නම් හිතෙනවා...


නත්තල කියපු ගමන් නත්තල් සියා තමයි මාකට් කරනනේ..


නත්තල් සේල්........ ඔය වගේ දේවල් තමයි...


අනේ මන්දා.. අලුත් අවුරුද්දේම අපි හම්බ වෙමු ආයෙමත්... උත්සහ කරන්නම් යාලුවනේ අලුත් අවුරුද්දෙවත් මාසෙකට පොස්ට් තුන හතරක්වත් ඔයාලට වැදගත් කියන යමක් එක්ක මුන ගැහෙන්න... එතෙක් හිතුමතේ නවතිනවා...

HAPPY CHRISTMAS & HAPPY NEW YEAR

Friday, December 9, 2011

හිතුමතේට හිතෙන ඒවා

හිතුමතේ කියාගෙන බ්ලොග් ලියන්න පටන් ගත්තට තාම පොස්ට් 5ක් විතරයි දාලා තියෙන්නේ.. දෙසැම්බර් මාසේට මුකුත් නැ..

බනින්න එපා.. ඒ හිතුමතේගේ හැටි.. මොකද හිතුමතේ දැන් ගොඩාක් මහන්සියෙන් හොයාගත්තු ජිවිතෙත් එක්ක සටන් කරන්න තියෙන එකම එක ‍රැකියාවත් එක්කත් මහන්සි වෙනවානේ...

බනින්න එපා කිවාට හිතුමතේව මතක තියන එකම එක කෙනෙක්වත් ඉන්නවද දන්නේත් නැ....

හිතුමතේ මේ ටිකේම පොස්ට් වලින් විදපු දුක්මනේ කිවේ... අද පොඩ්ඩක් ඉගන ගත්තු පාඩම් ටිකක් කියන්න හිතුමතේට හිතුනා.. මාසෙකට එකක් වත් නොලියන එකත් හරි නැනේ....

මෙන්න මේවා මගේ ජිවිතේට ගොඩාක් වැදගත් හිතුමතේ හිතන විශ්වාස කරන , කරන දේවල්

1. විශ්වාස කරන්න ඔයාට විශ්වාස කරන්න පුලුවන් කියලා හිතෙන අයව විතරක්... ඔයාට විශ්වාස කරන්න අමාරුයි කියලා හිතෙනවානම් කවදාවත් එපා විශ්වාස කරන්න

2. කරන්න වැඩක් තියනවා නම් කොහොම හරි එක කරන්න.. කටවත් ඔයාව නවත්වන්න ඉඩ දෙන්න එපා

3. නියමිත වැඩ නියමිත වෙලාවට කරන්න.. කවදාවත් වරදින්නේ නැ එතකොට

4. වැරදුනොත් මුලටම යන්න.. කොතනද වැරද්ද උනේ කියලා පරිස්සමට බලන්න

5. විශ්වාස කරන්න අනිත් හැමෝටම කලින් ඔයාවම

6, බනිනවා , විවේචනය කරනවා නම් එකට එක කියන්න එපා ඉවසගෙන අහගෙන ඉන්න ( තාම හිතුමතේත් හරියටම නොකරන දෙයක් මේක නම්.. හිතුමතේට මේක හදා ගන්න උපදෙසක් දෙන්න පුලුවන්නම් වටිනවා ගොඩාක්

7. අවවාද පිලි ගන්න... ඒ කියන්නේ ඇත්තක් කියලා දැනුනොත්..... (අන්ධ වෙලා නම් නෙමේ)

8. කොයි තරම් හිතින් අවුල් උනත් පිටට ප්‍රශ්ණ නොදි හිනාවෙලා සුහදව ඉන්න

9. හදට ගලකින් ගහන්න ඕනේ නම් හැකි තරම් විර්ය යොදලා ගහන්න.. අනිවාර්යෙන්ම ප්‍රතිපලයක් ලැබේවි.උත්සහයට

10. සැලසුමක් ඇතිව වැඩ කරන්න...

11. බලාපොරොත්තු ජිවිතේ ජිවත් කරවනවා කියලා හිතන්න..

12. හැම දුකක්ම කෙලවර පුංචි හරි සතුටක් තියනවා කියලා දකින්න

13. පුංචි වැරද්දකදි උනත් වැරද්ද වෙනුවෙන් සමාව ගන්න ඒ කෙනා කොහොම කෙනෙක් උනත්...

14. දෙයක් නැති උනහම දෑනෙන දුක වැඩි නිසා හැම වෙලේම ඒ දේවල් පරිස්සම් කරගන්න වැඩ කරන්න

හිතුමතේට මේ හිතෙන දේවල් ඇත්තටම ඔයාලට වැදගත් නම් හිතුමතේ සතුටින්

Sunday, November 20, 2011

ගාමණි සමග මගේ ලෝකේ විරයෙක් තිස්ස (තවත් හිතුමතේ විදපු දුක දැනෙන කථාවක්)

අද ගාමනි බලන්න හිතුමතේට පුලුවන් උනා.. ඒත් එක්කම ජිවිතේ තවත් හිතුමතේගේ හිතට දුක දැනුන තවත් එක දෙයක් ගැන මතක් උනා... මගේ දුක අහන්න ආපු අයගේ ශක්තියත් එක්ක මේ කථාව කියන්න හිතුමතේ හිතුවා....

ගාමණි චිත්‍රපටිය ගැන කථා නොකොලොත් එය නිර්මාණය කල කෙනාට කරන අසාධාරනයක්... මම දැක්කා බ්ලොග් කිහිපයකම ඒ ගැන කථා කරලා තියනවා..

හිතුමතේ අද බලපු ගාමි

ණි ගැන හිතනකොට ගොඩාක් දෙනෙක්ට රටේ මෙහෙම දේවල් වුනා කියල මතක් කරන්න පුලුවන්  චිත්‍රපටියක්...කියලා හිතුමතේ නම් හිතනවා.. නිර්මාණයට ලකුනු දෙනවානම් මම සියයට අනු නමයක්ම දෙනවා.. ඉතිරි එක අඩුවෙන්නේ සමහර තැන්වල දිල්හානි මිස් රගපානකොට කියන බොලද වචන නිසයි...

මගේ ජිවිතේටත් ගාමණි එකේ අත්දැකිමක් සම්බන්ධයි... අද කියවන්න හිතුමතේගේ ඒ කථාව..

අතුරු කථාවක් කියලාම ඉන්නම්කෝ...

හිතුමතේගේ දැන් ගොඩාක් කැමතිම දෙයක් වෙලා තියෙන්නේ ‍ෆිල්ම් බලන්න.. 


ඒකාලේ ‍ෆිල්ම් එකක් හොල් එකට ආවහම කාගේන්වත් ඒක බලන්න යන්න රුපියල් 30 , 40ක් ඉල්ලගන්නේ නැතුව බලපු අයගෙන් විස්තර අහගෙන රසවිදපු අතිතයක් හිතුමතේ උරුම වෙලා තිබුනේ.. 
ඒත් හිතුමතේ අද ටිකක් විතර චිත්‍රපටිනම් බලනවා....
ගොඩාක්ම කැමතිනම් ඉතින් තාක්ෂණයත් එක්ක යන ඒවාට තමයි...

හිතුමතේ පොඩි කාලේ ටෙලිවිශන් එකක් අතින් අල්ලවත් තිබුනේ නම් නැ.. රතු හාමි නැන්දාලාගේ ගෙදර එහෙම එකක් තිබුනත් කවදාවත් ඒක ලගටවත් යන්න ඉඩක් ලැබුනේ නැ...

දවසක් අපේ ගෙවල් ලග මාමා කෙනෙක්ගේ යාලුවෙක් අලුත් ටිවි එකක් ගන්න පරණ එයාලාගේ කළු සුදු ටිවි එක රුපියල් 2000කට විකුණනවා පුලුවන්නම් ගන්න කියලා කිවහම හිතුමතේගේ හිතේ මලක් පිපුනා වගේ..(දැන් ඒ ගැන මතක් වෙනකොටත් ඇස් වලට කදුළු එනවා......)


අම්මට තාත්තට කරදර නොකලත් හැමවෙලේම එක ගැන අහනකොට තාත්තාගේ ඇස් වල ආපු කදුළු වල වටිනාකම අදත් මට දැනෙනවා.. 
 
ජිවත් වෙන්න මහ පොළව එක්ක සටන් කරන මගේ තාත්තාට එදා අපි එහෙම අහපු එක වැරද්දක්ද මන්දා... 
එක දිගට දවස් 4,5ක් නිදි මර මරා තාත්තා මහන්සි උනා.. ගොඩාක් මහන්සි උනා.. දවස් 10කින් විතර අපේ ගෙදරටත් කළු සුදු රුප පෙට්ටියක් ගෙනවා... අද වගේ මතකයි එදා ඒ සතුටට මම කැවේත් නැ.. බැටරියෙන් දවසම ඕක බල බලා උන්නේ.. මට මතක විදිහට එදා මම හුනු වටයේ කතාව බැලුවා..

තාත්තාගේ අත්වල කරගැට එනකන් මහන්සිවෙලා පුන්චි අපේ හිතේ සතුට වෙනුවෙන් මහ ලොකු කැපවිම් මගේ අම්මයි තාත්තයි කලා.....



එතකොට මොකක්ද මේ හිතුමතේ උඩින් දාලා තියන කථාව කියලා දැන් හිතනවා ඇතිනේ....

හිතුමතේ කියන්නේ ගොඩාක් දුක් විදපු චරිතයක්...

ඒ දුකෙන් ටික ටික ඔයාලා එක්ක මම බෙදාගත්තානේ.. දැන් නම් හිතෙනවා මෙහෙම දුක කියනකොට ඔයාලට හිතුමතේව එපා වෙයිද කියලා....

හිතුමතේට ඉගන ගන්න උදව් කරපු කෙනෙක් විදිහට තිස්ස අයියාව හදුන්වලා දෙන්න පුලුවන්..

තිස්ස අයියත් ගොඩාක් අමාරුවෙන් ජිවත් උනත් හිත හොද කොල්ලෙක්..
අපේ ගම් වල ගොඩාක් අය කරන්නේ ආරක්ෂක සේවාවල ‍රැකියාවට යන එක.. දැන් කාලේ නෙමේ... යුද්දේ තිබුනු කාලේ..

තිස්ස අය්යත් එහෙම කාලෙක එහෙම රස්සාවට ගියා... රස්සාව විදිහටම නෙමේ අය්යා ගොඩාක් මේ රටට ආදරේ කලේ..

හැමදාම මට කිවේ රටට වින කරන ත්‍රස්ථයෝ දෙතුන් දෙනෙක්වත් දවසකට මේ රටට වින කරන එකෙන් නවත්වන්න පුලුවන්නම් ඒක තමා සතුට කියලා...

ගන්න පඩියෙන් හැම මාසෙකම මට පොත් ගන්න කියලා රුපියල් 1000ක් 1500ක් දෙන්න තරම් අය්යා කරුනාවන්ත උනේ අයියාගේ පවුලේ තව පාසල් යන නංගිලා දෙන්නෙකුටයි මල්ලි කෙනෙක්ටයි වියදම් කරන ගමන්....

ගොඩාක් දෙනෙක්ට රුපියල් 1000ක් 1500ක් කියන්නේ ලොකු ගානක් නොවෙන්න පුලුවන් ඔයාලට... ඒත් හිතුමතේට ඒක මහ මෙරක් තරම්..

මෙහෙම උදව් කරන තිස්ස අය්යා මාස දෙක තුනකට සැරයක් ගමට එනකොට අපිට රජ මගුල්... කවදාවත් කාලා නැති චිස් කැලි... ඇපල් දොඩම් අරගෙන එනවා කියලා අපි දැන ගෙන උන්න නිසා එනකන් මග බලාගෙන උන්නේ...

එහෙම ආපු දවසක මල්ලි.... දැන්නම් මොනවා වෙයිද මන්දා හිතාගන්න බැරිතරම් සැරට ගැ‍ටුම් දුවනවා... අපිත් ගහනවා.. එහෙනුත් ඇටැක් එනවා... ඔය මොනවා හරි එකකින් මම මැරුනොත් ඔයාලා හොදට ඉගන ගන්න කියලා කියනකොට අය්යාට විකාර කියන්න එපා කියලා කට වැහුවත් ඒ ගිය අය්යා ආයේ ගෙදර ආවේ පණ පිටින් නම් නෙමේ..

සමහර විට අය්යාට දැනෙන්න ඇති අයියාට යන්න කාලේ හරි කියලා... 


හැමදාම අයියා කියනවා වගේ මල්ලි මම මැරුනොත් වෙඩි වැදිලා හොදට බලන්න මගේ පපුවට හරි ඉස්සරහට තමා වෙඩි වැදෙන්න ඕනේ... සිංහ පැටව් අපි... ඉස්සරහට තියපු අඩියක් පස්සට ගන්නේ නැ.... යනවානම් ඒ ඉස්සරහට තමයි... මමම් පස්සට යන්නේ නැ මල්ලි... අයියා කිවා වගේම අයියාගේ පපුවටමයි වෙඩි වැදිලා තිබුනේ..

හිතුමතේට ශක්තියක් උනු ඉගන ගන්න උදව් කරපු අය්යා එහෙම අපේ ජිවිත වලින් ඇත් වෙලා ගියත් තාමත් අය්යාව මට නිතරම මතක් වෙනවා.... ඒ අයියා මහා ලොකු සල්ලි කාරයෙක් නොවුනත් පුලුවන් උපරිමයෙන් දුක තේරුම් ගත්තු කෙනෙක් නිසා... දුක් විදපු මේ හිතුමතේ අය්යාගේ මරණයත් එක්ක තවත් අසරණ උනා..

ඒත් අයියා අන්තිමට මගෙන් ඉල්ලපු දේ දෙන්න තරම් මට හැකියාවක් අද තියනවා... හොදට ඉගනගෙන අනිත් අයටත් උදව් කරපන් මල්ලියේ... තාමත් මට ඒ වචන ඇහෙනවා දෝ කාර දෙනවා..

හිත ගොඩාක් රිදුනු දවසක් නිසා ඒ දවස ගැන ඒ තරම් හිතට දැනෙන විදිහට ලියවිලා නැද්ද මන්දා....

පුන්චිම හරි උදව්වක් කා වෙනුවෙන් හරි කරන්න පුලුවන් කම තියනවානම් නොකර ඉන්න එපා.. ඒකෙන් ඒ ප්‍රශ්නේ විසදෙනවා වගේම හිතට සතුටක් දැනෙවි.. හොද අහන්න බලාපොරොත්තුවෙන් කරන්න එපා... කළ හොද ඒ වුනාට පස්සෙන් එළවනවා...

හිතුමතේට ජයවේවා

Thursday, November 17, 2011

එක්වන්න කවදා හෝ මගේ හිත් මඩලට.....

ඔබම මා හට කියන්න....
සවනට ලංව ආදරෙයි කියන්න....
ඔය වත කමලට බරවෙන්න....
නෙතු වියලන තුරා අඩන්න දෙන්න....


ගෙවුනු හැම දිනයන් පුරා....
මා හෙලු කදුලු කැට නෙතගින් සරා...
පිසදන් හිනහෙන්න දිවිමන් අරා...
සනහන්න මා සමගින් හිද දිවිය පුර...


සද මෝදු වු ‍රැයේ....
පිබිදෙන රස හැගුමන් නිරා..
නිම් හිම් පුරවන් සනහා...
විදගන්නෙමි මොහොතක් ගෙවා..


ආදරෙයි කියන වදන නිසා...
කොයිතරම් දුක් ගිනි වින්දද....
ළේ රතු වෙන තුරා....
මේ හිත ඇඩුවද ගෙවුනු දිනයන් පුරා...


ජිවිතේ මිලින ඉර මඩල අත හැර....
ගිලි නැගෙන සද මඩල හා අත් වැල් බැද....
පොපියන මා නෙතුමඩල නලවා....
එක්වන්න කවදා හෝ මගේ හිත් මඩලට.....


හිතුමතේ ට හිතුනු හිතුමතේ ට දැනුනු හිතුමතේ අතින් ගෙතුනු කවි පන්තියක් (එහෙම කියන එක වැරදිද මන්දා)

ප.ප.ලි : හිතුමතේ හිතට දැනෙන ඒවා ලිවත් කැමතියි දැන ගන්න ඔබේ අදහස්.. ඒ කියන්නේ අයේ මෙවා එපා නම් ඔන්න එපා කියලා කියලා යන්න

Saturday, November 12, 2011

හිතුමතේ ඔයාලත් මෙහෙම දුක් විදලා තියනවද???

හිතුමතේ කියන්නේ නැ කිවත් ජිවිතේ හිතුමතේ ගැන නොකියන එක වැරද්දක් කියලා හිතුනා....
මේ දුප්පත් කොල්ලා ජිවිතේ ගොඩාක් දුක් විදලා තියනවා...
ගොඩාක් පාඩම් ඉගන ගෙන තියනවා...
ජිවිතේ විදින ගොඩාක් දෙනෙක් බ්ලොග් ලියනවා...
ඒ වගේම විදවන අයත් ඉන්නවා කියලා දැනිලා තියනවා...
සමහර අය තාම ජිවිතේ පටන් ගත්තු ගමන්....


ඉතින් සැරෙන් සැරේ මේ හිතුමතේ කියයි එක එක අත් දැකිම්...


සමාවෙන්න අකමැතිනම් ඒ දේවල් කියවන්න...
හිතුමතේ නිදහස්.. හිතේ හැම හිතුමතේ පහල වෙන සිතිවිල්ලක්ම මේකේ අකුරු වෙවි....


කලින් පොස්ට් එකේ ජිවිතේ හිතුමතේ විදපු දුක් කන්දරාවෙන් ඇල්පෙනෙති තුඩක තරමේ දෙයක් විතරක් තිබුනාවගේම ජිවිතේ මම අරමුනක් හදාගත්තු දවසක් ගැනත් කිවානේ..


අද පොඩ්ඩක් කියන්න හිතුවා හිතුමතේ ඉගන ගන්න විදපු දුක..  ඉගන ගන්න මහන්සි වෙන කැපවිමක් තියන මගේ සහොදර සහෝදරියන්ට ශක්තියක්ම වේවා..


හිතුමතේ අයන්න ආයාන්න කියපු පුන්චි ඉස්කොලේ යන කාලේ නම් ඒ තරම් අම්මට තාත්තාට බරක් නොදැනෙන්න ඇති.. මොකද දැන් වගේ ඒකාලේ ඒප්‍රන් මහන්න... බැග් එක ස්කොලේ දෙන එක කිය ගෙවලා හරි ගන්න දාන සපත්තු දෙක ස්කොලෙන් තිරනය කරන්න පොත් වලට පිට කවර ස්කොලෙට ඕන විදිහට දාන්න ඕනා උනේ නැනේ....


ගොඩාක් තැන් වලදි මුදල් පිලිබද තැන් වලදි පන්තියේ අන්තිමයා වෙන හිතුමතේ දවසක් දෙකක් ඇරෙන්න ජිවිතේ ඔය වසර 11ට කැන්ටිමට ගිහින් නැතුව ඇති....
අනිත් අය කන බොන දිහා බලාගෙන ඉන්න පුරුද්දක් නොතිබුන හිතුමතේ ගෙදරින් ගෙනියන සම්බොල එක්ක බත් එක උනත් ආසාවෙන් කාලා වතුර බිලා ඉගන ගත්තා..


හැමදාම පන්තියේ පලවෙනි දෙතුන් දෙනා අතර හිතුමතේගේ නම නොතිබුන අවුරුද්දක් නම් තිබුනෙම නැ....


(පොස්ට් එක ලියන්න පටන් අරන් ටික දවසක්.. ඔබා මාමා කලින් පොස්ට් එකට ආයෙමත් කමෙන්ට් කරලා කියලා තිබුනු වචනේ මට ඉක්මනටම ලියන්න මේ කතාව ශක්තියක් උනා)


ටියුශන් කියන වචනේ හිතුමතේට තහනම් වචනයක්.... ඒත් පන්තියේ අනිත් හැමෝම ටියුශන් යනකොට ඒ යන කෙනෙක්ට බොහොම අමාරුවෙන් නොවදිනා වැදුම් වැදලා පන්තියේ නිකන් ඉන්න වෙලාවට ඉන්ටවල් එකට ටියුට් ලියාගෙන ඉගන ගන්න එකත් එක්ක ලොකු සටනක් කලා..ඕ ලෙවල් කාලේ...


අන්තිමේ හිතුමතේ තමන්ගේ පාසලේ හොදම සාමාර්ථය එක්ක විශයන් 10න් නමයකටම සම්මාන වලින් එහාට ගිය රිසාල්ට් එකක් එක්ක ( ඒ 7යි බි 1යි සි 1 යි කැඩුනු පැස්ටල් පෙට්ටියකින් චිත්‍ර ඇදපු නිසාද කොහෙද ඒකට එස් එකකුයි එක්ක විභාගේ සමත් උනා.. ) (චිත්‍ර වලට එහෙම වෙන්න ඇත්තේ දෙන පේපර් එකට ලියන්න විශය කරුනු අමතර පොත් නැති කම නිසා නොලැබුනු නිසාම වෙන්න ඇති)


කොහොම හරි ඔය සාමාර්තේ නිසාම (ගමක අඩු පහසුකම් යටතේ මේ වගේ රිසාල්ට් එකක් ඇත්තටම ලොකු දෙයක්.. ඔයාලට එහෙම නොදැනෙනවා ඇති)


ඒත් ඒ රිසාල්ට් එකෙන් මගේ අම්මාගේ තාත්තාගේ හිතට ගෙනත් දුන්නු සතුට කදුලු කැට විදිහට ගලනවා මගේ මේ ඇස් දෙකට විදිනකොට ජිවිතේ
ඒ අවුරුදු ගාන මම විදපු දුක් ගැන මට දැනුන දුක නැතිවෙලා ගියා මගේ ඇස් ඉස්සරහාම..


දිනන මගේ පියවර නුබයි මගේ අම්මා
තබන හැම පියවරකම ශක්තිය නුබයි මගේ තාත්තා



ඕලෙවල් එහෙම පාස් වුන නිසා ගමේ පාසලෙන් අයින් වෙලා නගරේ පාසලකට අකුරු කරන්න යන්න මට මගේ ගමේ පාසලේ ගුරුවරු ලොකු ශක්තියක් උනා..


ගමේ පාසලේ වගේ නෙමේ නගරේ පාසල් වල අකුරු කරනවාට වඩා වෙන වෙන දර්ශන ගොඩායි..
සල්ලි කාර අම්මලා තාත්තලා එක්ක එක එක වාහන වලින් පන්තියට එන ළමයි අතර බස් රතේ සිසන් එකට පින් සිද්ද වෙන්න මාත් පාසලට ගියා.. සිසන් එක විතරක් නොතිබුනු මම බස් එක නැති දවසට තව කිලෝමිටර් 3ක් විතර ඇතින් තිබුනු මහ පාරට පයින්ම යන්නේ වෙන කරන්න දෙයක් නොතිබුනු නිසාමයි...


ඒ ලෙවල් කරන කාලේ ක්ලාස් නොගිහින් විභාගේ ගොඩ දාගන්න එක ඇත්තටම අමාරු දෙයක්නේ... මොකද හිතුමතේ කලේ ගණිත විශයන්නේ... කොස් ,ටැන් එක්ක එක එක අංශක වලින් ජිවිතයට එක ප්‍රශ්න එනකොට සාපෙක්ෂ ප්‍රවේගයත් එක්කම සාපෙක්ශ ත්වරනයෙන් ජිවිතය ගලනකොට මේ හිතුමතේට ජිවිතයම අනුමාපනයක් වගේ වෙලා..


පන්ති යන්න සල්ලි හොයාගන්න හිතුමතේ කලේ ඒ දවස්වල මොබිටෙල් අලවි නියොජිත සමගමක් එක්ක එකතුවෙලා මහපාරේ සිම්කාඩ් විකුනන්න පටන් ගත්තා... සිම් එකකට රුපියල් 25ක් 30 විතර ලැබුන නිසා නිවාඩු දවස් වල ඒවට ගිහින් ඊලග මසේ පන්ති යන්න සල්ලි හොයාගන්න හිතුමතේ ගොඩාක් ලොකු දුකක් වින්දා....


දවසට සිම් තුන හතර සමහර දවසට 10ක් 12ක් විකුන ගෙන යාලුවෝ හැමෝම සැප විදිනකොට හිතුමතේ අව්වේ පිච්චි පිච්චි යාලුවන්ගේ හිත්වලින් කියන එක එක වචන වලින් හිත පාරවගෙන යන්තම් ඊලග මාසෙට කාඩ් එක ගන්න බස් එකේ යන්න ඕන කරන ගාන හොයාගත්තේ දරාගන්න බැරි දුකක් විදලා


යොවුන් වියේ ආදර හැගුම් හිතුමතේට පහලනොවුනා නෙමේ... ඒත් ඔයා මහ දුප්පතෙක්නේ මසෙකට සැරයක්වත් මට ඇදුමක් අරන් දෙන්නවත් ඔයාට සතේ අතේ නැනේ කියලා එයා මගෙන් ඇතට යනකොට හිතුමතේ ගොඩාක් වැ‍ටුනා..
කොහොමද දෙවියනේ මම එයට තේරුම් කරන්නේ ජිවත් වෙන්න මම කරන්නේ යුද්ද්යක් කියලා.


හිතුමතේ අද ඒ ගැන සතුටින්... එක එහෙම නොවුනා නම් ඇත්තටම හිතුමතේ ට ඒ තරම් ඉගන ගන්න තැනකට එන්න බැරිවේවි ඒ වචන ඒ දුක ලොකු ශක්තියක් උනා රතු හාමි නැන්දාගේ වචන වගේම....


ඉගන ගන්න කලේ ආදරේ කරනවනම් අනිවර්යෙන්ම ඔයලාව ගොඩාක් තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ට විතරක්ම ලං වෙන්න....


ආර්ථික අපහසුකන් ඉගන ගන්න බදාවන් තමයි.. ඒත් කොහොමහරි ඉගන ගන්න කැප වෙන්න කවදාවත් වරදින්නේ නැ...


ඉගන ගන්න විතරක් නෙමේ ජිවිතේ හැම ප්‍රශ්නයකටම විසදුම කැපවිමයි තමන් පිලිබද විශ්වාසයයි...


හිතුමතේට ජයවේවා...


මාත් එක්ක එකතු වෙලා ඉන්න අයට මේ දුක් පිරුනු ජිවිතේ කියවන එක කරදරයක් නම් සමාවෙන්න


ඊලග පොස්ට් එකෙන් නම් මගේ දුකක් නම් කියන්නේ නැ ඔන්න