Showing posts with label ජිවිතේ දුක. Show all posts
Showing posts with label ජිවිතේ දුක. Show all posts

Sunday, November 20, 2011

ගාමණි සමග මගේ ලෝකේ විරයෙක් තිස්ස (තවත් හිතුමතේ විදපු දුක දැනෙන කථාවක්)

අද ගාමනි බලන්න හිතුමතේට පුලුවන් උනා.. ඒත් එක්කම ජිවිතේ තවත් හිතුමතේගේ හිතට දුක දැනුන තවත් එක දෙයක් ගැන මතක් උනා... මගේ දුක අහන්න ආපු අයගේ ශක්තියත් එක්ක මේ කථාව කියන්න හිතුමතේ හිතුවා....

ගාමණි චිත්‍රපටිය ගැන කථා නොකොලොත් එය නිර්මාණය කල කෙනාට කරන අසාධාරනයක්... මම දැක්කා බ්ලොග් කිහිපයකම ඒ ගැන කථා කරලා තියනවා..

හිතුමතේ අද බලපු ගාමි

ණි ගැන හිතනකොට ගොඩාක් දෙනෙක්ට රටේ මෙහෙම දේවල් වුනා කියල මතක් කරන්න පුලුවන්  චිත්‍රපටියක්...කියලා හිතුමතේ නම් හිතනවා.. නිර්මාණයට ලකුනු දෙනවානම් මම සියයට අනු නමයක්ම දෙනවා.. ඉතිරි එක අඩුවෙන්නේ සමහර තැන්වල දිල්හානි මිස් රගපානකොට කියන බොලද වචන නිසයි...

මගේ ජිවිතේටත් ගාමණි එකේ අත්දැකිමක් සම්බන්ධයි... අද කියවන්න හිතුමතේගේ ඒ කථාව..

අතුරු කථාවක් කියලාම ඉන්නම්කෝ...

හිතුමතේගේ දැන් ගොඩාක් කැමතිම දෙයක් වෙලා තියෙන්නේ ‍ෆිල්ම් බලන්න.. 


ඒකාලේ ‍ෆිල්ම් එකක් හොල් එකට ආවහම කාගේන්වත් ඒක බලන්න යන්න රුපියල් 30 , 40ක් ඉල්ලගන්නේ නැතුව බලපු අයගෙන් විස්තර අහගෙන රසවිදපු අතිතයක් හිතුමතේ උරුම වෙලා තිබුනේ.. 
ඒත් හිතුමතේ අද ටිකක් විතර චිත්‍රපටිනම් බලනවා....
ගොඩාක්ම කැමතිනම් ඉතින් තාක්ෂණයත් එක්ක යන ඒවාට තමයි...

හිතුමතේ පොඩි කාලේ ටෙලිවිශන් එකක් අතින් අල්ලවත් තිබුනේ නම් නැ.. රතු හාමි නැන්දාලාගේ ගෙදර එහෙම එකක් තිබුනත් කවදාවත් ඒක ලගටවත් යන්න ඉඩක් ලැබුනේ නැ...

දවසක් අපේ ගෙවල් ලග මාමා කෙනෙක්ගේ යාලුවෙක් අලුත් ටිවි එකක් ගන්න පරණ එයාලාගේ කළු සුදු ටිවි එක රුපියල් 2000කට විකුණනවා පුලුවන්නම් ගන්න කියලා කිවහම හිතුමතේගේ හිතේ මලක් පිපුනා වගේ..(දැන් ඒ ගැන මතක් වෙනකොටත් ඇස් වලට කදුළු එනවා......)


අම්මට තාත්තට කරදර නොකලත් හැමවෙලේම එක ගැන අහනකොට තාත්තාගේ ඇස් වල ආපු කදුළු වල වටිනාකම අදත් මට දැනෙනවා.. 
 
ජිවත් වෙන්න මහ පොළව එක්ක සටන් කරන මගේ තාත්තාට එදා අපි එහෙම අහපු එක වැරද්දක්ද මන්දා... 
එක දිගට දවස් 4,5ක් නිදි මර මරා තාත්තා මහන්සි උනා.. ගොඩාක් මහන්සි උනා.. දවස් 10කින් විතර අපේ ගෙදරටත් කළු සුදු රුප පෙට්ටියක් ගෙනවා... අද වගේ මතකයි එදා ඒ සතුටට මම කැවේත් නැ.. බැටරියෙන් දවසම ඕක බල බලා උන්නේ.. මට මතක විදිහට එදා මම හුනු වටයේ කතාව බැලුවා..

තාත්තාගේ අත්වල කරගැට එනකන් මහන්සිවෙලා පුන්චි අපේ හිතේ සතුට වෙනුවෙන් මහ ලොකු කැපවිම් මගේ අම්මයි තාත්තයි කලා.....



එතකොට මොකක්ද මේ හිතුමතේ උඩින් දාලා තියන කථාව කියලා දැන් හිතනවා ඇතිනේ....

හිතුමතේ කියන්නේ ගොඩාක් දුක් විදපු චරිතයක්...

ඒ දුකෙන් ටික ටික ඔයාලා එක්ක මම බෙදාගත්තානේ.. දැන් නම් හිතෙනවා මෙහෙම දුක කියනකොට ඔයාලට හිතුමතේව එපා වෙයිද කියලා....

හිතුමතේට ඉගන ගන්න උදව් කරපු කෙනෙක් විදිහට තිස්ස අයියාව හදුන්වලා දෙන්න පුලුවන්..

තිස්ස අයියත් ගොඩාක් අමාරුවෙන් ජිවත් උනත් හිත හොද කොල්ලෙක්..
අපේ ගම් වල ගොඩාක් අය කරන්නේ ආරක්ෂක සේවාවල ‍රැකියාවට යන එක.. දැන් කාලේ නෙමේ... යුද්දේ තිබුනු කාලේ..

තිස්ස අය්යත් එහෙම කාලෙක එහෙම රස්සාවට ගියා... රස්සාව විදිහටම නෙමේ අය්යා ගොඩාක් මේ රටට ආදරේ කලේ..

හැමදාම මට කිවේ රටට වින කරන ත්‍රස්ථයෝ දෙතුන් දෙනෙක්වත් දවසකට මේ රටට වින කරන එකෙන් නවත්වන්න පුලුවන්නම් ඒක තමා සතුට කියලා...

ගන්න පඩියෙන් හැම මාසෙකම මට පොත් ගන්න කියලා රුපියල් 1000ක් 1500ක් දෙන්න තරම් අය්යා කරුනාවන්ත උනේ අයියාගේ පවුලේ තව පාසල් යන නංගිලා දෙන්නෙකුටයි මල්ලි කෙනෙක්ටයි වියදම් කරන ගමන්....

ගොඩාක් දෙනෙක්ට රුපියල් 1000ක් 1500ක් කියන්නේ ලොකු ගානක් නොවෙන්න පුලුවන් ඔයාලට... ඒත් හිතුමතේට ඒක මහ මෙරක් තරම්..

මෙහෙම උදව් කරන තිස්ස අය්යා මාස දෙක තුනකට සැරයක් ගමට එනකොට අපිට රජ මගුල්... කවදාවත් කාලා නැති චිස් කැලි... ඇපල් දොඩම් අරගෙන එනවා කියලා අපි දැන ගෙන උන්න නිසා එනකන් මග බලාගෙන උන්නේ...

එහෙම ආපු දවසක මල්ලි.... දැන්නම් මොනවා වෙයිද මන්දා හිතාගන්න බැරිතරම් සැරට ගැ‍ටුම් දුවනවා... අපිත් ගහනවා.. එහෙනුත් ඇටැක් එනවා... ඔය මොනවා හරි එකකින් මම මැරුනොත් ඔයාලා හොදට ඉගන ගන්න කියලා කියනකොට අය්යාට විකාර කියන්න එපා කියලා කට වැහුවත් ඒ ගිය අය්යා ආයේ ගෙදර ආවේ පණ පිටින් නම් නෙමේ..

සමහර විට අය්යාට දැනෙන්න ඇති අයියාට යන්න කාලේ හරි කියලා... 


හැමදාම අයියා කියනවා වගේ මල්ලි මම මැරුනොත් වෙඩි වැදිලා හොදට බලන්න මගේ පපුවට හරි ඉස්සරහට තමා වෙඩි වැදෙන්න ඕනේ... සිංහ පැටව් අපි... ඉස්සරහට තියපු අඩියක් පස්සට ගන්නේ නැ.... යනවානම් ඒ ඉස්සරහට තමයි... මමම් පස්සට යන්නේ නැ මල්ලි... අයියා කිවා වගේම අයියාගේ පපුවටමයි වෙඩි වැදිලා තිබුනේ..

හිතුමතේට ශක්තියක් උනු ඉගන ගන්න උදව් කරපු අය්යා එහෙම අපේ ජිවිත වලින් ඇත් වෙලා ගියත් තාමත් අය්යාව මට නිතරම මතක් වෙනවා.... ඒ අයියා මහා ලොකු සල්ලි කාරයෙක් නොවුනත් පුලුවන් උපරිමයෙන් දුක තේරුම් ගත්තු කෙනෙක් නිසා... දුක් විදපු මේ හිතුමතේ අය්යාගේ මරණයත් එක්ක තවත් අසරණ උනා..

ඒත් අයියා අන්තිමට මගෙන් ඉල්ලපු දේ දෙන්න තරම් මට හැකියාවක් අද තියනවා... හොදට ඉගනගෙන අනිත් අයටත් උදව් කරපන් මල්ලියේ... තාමත් මට ඒ වචන ඇහෙනවා දෝ කාර දෙනවා..

හිත ගොඩාක් රිදුනු දවසක් නිසා ඒ දවස ගැන ඒ තරම් හිතට දැනෙන විදිහට ලියවිලා නැද්ද මන්දා....

පුන්චිම හරි උදව්වක් කා වෙනුවෙන් හරි කරන්න පුලුවන් කම තියනවානම් නොකර ඉන්න එපා.. ඒකෙන් ඒ ප්‍රශ්නේ විසදෙනවා වගේම හිතට සතුටක් දැනෙවි.. හොද අහන්න බලාපොරොත්තුවෙන් කරන්න එපා... කළ හොද ඒ වුනාට පස්සෙන් එළවනවා...

හිතුමතේට ජයවේවා