ඔබම මා හට කියන්න....
සවනට ලංව ආදරෙයි කියන්න....
ඔය වත කමලට බරවෙන්න....
නෙතු වියලන තුරා අඩන්න දෙන්න....
ගෙවුනු හැම දිනයන් පුරා....
මා හෙලු කදුලු කැට නෙතගින් සරා...
පිසදන් හිනහෙන්න දිවිමන් අරා...
සනහන්න මා සමගින් හිද දිවිය පුර...
සද මෝදු වු රැයේ....
පිබිදෙන රස හැගුමන් නිරා..
නිම් හිම් පුරවන් සනහා...
විදගන්නෙමි මොහොතක් ගෙවා..
ආදරෙයි කියන වදන නිසා...
කොයිතරම් දුක් ගිනි වින්දද....
ළේ රතු වෙන තුරා....
මේ හිත ඇඩුවද ගෙවුනු දිනයන් පුරා...
ජිවිතේ මිලින ඉර මඩල අත හැර....
ගිලි නැගෙන සද මඩල හා අත් වැල් බැද....
පොපියන මා නෙතුමඩල නලවා....
එක්වන්න කවදා හෝ මගේ හිත් මඩලට.....
හිතුමතේ ට හිතුනු හිතුමතේ ට දැනුනු හිතුමතේ අතින් ගෙතුනු කවි පන්තියක් (එහෙම කියන එක වැරදිද මන්දා)
ප.ප.ලි : හිතුමතේ හිතට දැනෙන ඒවා ලිවත් කැමතියි දැන ගන්න ඔබේ අදහස්.. ඒ කියන්නේ අයේ මෙවා එපා නම් ඔන්න එපා කියලා කියලා යන්න
ලස්සනයි..... ගොඩක්...ඔයාගේ හිත.. ඒත් ඔයා ගැන තියන විස්තරනම් මදි වගේ. හිතුමතේට ලියන ඔය කතාවට මම ගොඩක් කැමතියි. ඇයි කියන්නැත්තේ ඔයා කවුද කියල.... දන්නවද ඔය තරම් විවෘතව කතාකරන්න හැමෝටම බෑ. පුංචි කාලේ ඉදල ගොඩක් දුක් විදපු ඔයා දැන් ඉන්නෙ කොතනද කියලා දැනගන්න කැමතියි. ඒ වගේම අපේ ජිවිත වලට දුක ඇති වෙන තරමට අපි සාර්ථක වෙනවා. ඒ නිසා ඔයාගේ post එක බලනකොට ඒ සාර්ථකත්වය ඔයා ලබාගෙන ඇති කියල හිතනවා. ඒක නිසා කැමතිනම් මේකට comment කරන්න. ඔය විදිහට හැමදාමත් ජීවිතේ සරලව ලස්සනට දකින්න. හැමදාමත් සතුට ඔයා ලගම තියේවි......
ReplyDeleteආදරේ හැටි ඔහොම තමා බං...ඔක මහ පුදුමාකාර දෙයක්නේ..සතුට..විරහව අතරේ දොලනය වෙනව...
ReplyDeleteලස්සනයි...... ගොඩක්.. ඔයාගේ හිත. ජීවිතේ සරලව දකින කෙනෙක් ඔයා...
ReplyDeleteis good
ReplyDeleteis good
ReplyDeleteආදරේ කියන්නෙ මේ ජීවිතේ එක කොටසක්නේ...ජීවිතේට වගේම ආදරේටත් දුක සතුට දෙකම උරුමයි...සතුට විතරක්ම විඳින ආදරයකුත් ...දුක විතරක්ම විඳින ආදරයකුත් ලෝකෙ කොහේවත් නෑ...
ReplyDeleteපද ටික අපූරුයි
in4gate-sayuri : ගොඩාක් ස්තුතියි යාලුවා.. හිතුමතේ ටිකක් නිශ්ශබ්ද කෙනෙක්.... ඒත් දිනන්න ගොඩාක් උත්සහ කරන කෙනෙක්... හිතුමතේ එක්ක දිගටම ඉන්නකෝ... දැන ගන්න පුලුවන් වෙයි තවත් විස්තර...
ReplyDeleteRaj : ඒක නම් එහෙම තමයි වෙන්න ඇති යාලුවා....
ReplyDeletein4gate-sayuri :ඇත්ත ඒත් කොහොමද ඔයා එක දන්නේ
ReplyDeletein4gate-sayuri : thanks dr
ReplyDeleteAnonymous : thanks dr
ReplyDeleteදිල් : ජිවිතේ කොටසක් කියන එකට මමත් එකගයි දිල් : ඒ වගේම කෙනෙක්ට සතුටින් විතරක්ම ඉන්න පුලුවන්නම් ආදරේ නිසා එතන පොඩ්ඩක් විතර අමුතු ඇති... ගගක් උනත් ලස්සන වංගු තියනකොටලුනේ..
ReplyDeleteගොඩාක් ස්තුතියි
"දූක සැප නිති පෙරලේ රිය සක ලෙස" ලෝකේ ආදරයට දෙන්න වෙන උදාහරණ නැත යාළුවා ඒකමයි.....ජය.
ReplyDelete//ආදරෙයි කියන වදන නිසා...
ReplyDeleteකොයිතරම් දුක් ගිනි වින්දද....
ළේ රතු වෙන තුරා....
මේ හිත ඇඩුවද ගෙවුනු දිනයන් පුරා...//
මගෙ හිත ට ගොඩක් වැදුණු කවිය මේක...
කවි පංතියම සංවේදියි.....
සිත් සයුර : ජිවිතේ දුකයි සැපැයි දෙකම තියෙන්න ඕනා මම හිතන්නෙත්,.... ඕනාවට වඩා දුකවත් ඕනාවට වඩා සතුටත් ප්‍රශ්නයක් නේද අයියා
ReplyDeleteමහි : ආදරේ ගැන මට මෙතුවක් කල් දැනුනු සිතිවිල්ලයි ඔය....
ReplyDeleteජිවිතේ හැම මොහොතක්ම සංවේදියි මම නම් හිතන්නේ....
මම හිතන්නේ මේ පලමු පැමිනිම.... සාදරයෙන් පිලිගන්නවා හිතුමතේ
"ආදරෙයි කියන වදන නිසා...
ReplyDeleteකොයිතරම් දුක් ගිනි වින්දද....
ළේ රතු වෙන තුරා....
මේ හිත ඇඩුවද ගෙවුනු දිනයන් පුරා..."
ම්ම්...සංවේදී...:( දුකයි!!! පද ටික හරි ලස්සනට ගලපලා තියනවා අයියේ..ඒත් දුක හිතෙනවා
හිතු මතේට හිතට එන
ReplyDeleteකවි පදයක් තරම්
දැක නැත හිතට එන කවි
මෙහෙව් ස්තරම්
ලැබ ගෙන පිවිතුරු ආදරයක
සොදුරු වරම්
ලියන් කවි පද බැද
එමි මම පුළුවන් තරම්.. :)
හිතුවක්කාරි : ඒ පද ටික වගේම දුකක් හිතට දැනිලා විදපු නිසා එහෙම ලියවුනේ නංගෝ.. දුක දවසක ගෙනේවි සතුටක්
ReplyDeleteචතු මිතු : පලමුව සාදරයෙන් පිලිගනිමි...
ReplyDeleteලියු කවිපද
දැනේ යැයි නොසිතුනි
මේ විලසට
දැනුන දුක් කද
අකුරු කරවුයෙමු
මෙලෙසට
රැදෙනු දකිනු
කැමතියි
හැමදාමත්
හිතුමතේ සමගින්