සමහර අය මම කවුද කියලා හොයන්න මහන්සි වෙලා මම පොස්ට් එකෙන්ම කිවානේ ඒක හොයන එකත් අපරාධයක්... මගේ බ්ලොග් එකක් තිබුනට ලියවෙන්නේ අඩුවෙන්... ඒ නිසා ඒ ගැන කමෙන්ට් මම පබ්ලිශ් කලේ නම් නැ ඔන්න.. හැබැයි මේ පොස්ට් එකෙන් දැන ගන්න පුලුවන් වෙයි ටිකක් මම ගැන... මේ මගේ බ්ලොග් එකේ මගේ අතිතේ ගැන ලිය වෙන එකම පොස්ට් එක වේවි සමහර විට...
ඒ ඔක්කොටම කලින් මම මගේ පලවෙනි පොස්ට් එකට කමෙන්ට් කරපු ෆලෝ කරපු හැමෝටම ස්තුති කරනවා...
එදා නා කපන වැස්ස......
ජිවිතේ අපිට ගෙවන්න වෙලා තිබුනේ සුන්දර කථාවක් නම් නෙමේ... අම්මයි තාත්තයි මමයි මල්ලියි එක්ක ජිවිතේ දිනන්න ලොකු සටනක් කලා... තාත්තා හොයන හැම සතේම අම්මයි තාත්තයි එකතුවෙලා පරිස්සමට වියදම් නොකරන්න අපිට උගන්වන්න මහන්සි නොවෙන්න අද මම මේ වගේ තැනකවත් නැ..
ඔයාලා සෙල්ලම් හෙලිකොප්ටර්, සෙල්ලම් කාර්. සෙල්ලම් තුවක්කු වලින් සෙල්ලම් කරනකොට අපිට සෙල්ලම් කරන්න ඒ මුකුත් තිබුනේ නැ.. නොතේරුම් කමටද තේරුම් අරන් ඒ දෙවල් වලට වියදම් කරන්න සල්ලි නැ කියලාද මම දන්නේ නැ මමයි මල්ලියි ඒ දේවල් ඉල්ලලා අඩලා නැහැලු අම්මා තමයි එහෙම කියන්නේ....
අපිට ඔය සෙල්ලම් බඩු නොතිබුනාට පොල්කොල රුන් පෙති., වින්කලේ ඇල්බට් මාමා අයින් කරන රිම් රෝද කරකව කරකව එහේ මෙහේ දුවපු අතිතේ ගැන අදටත් මතක් කරනකොට දැනෙන්නේ සතුටක්...
අපේ පුන්චි ගෙදර තියෙන්නේ වෙලක් ඉස්සරහා... ඔය වෙල් යායේ ගොයම් කපපු කාලෙට ගමේ ගොඩාක් අය සංරුගල් අරිනවා අපි පැත්තක ඉදන් බලාගෙන ඉන්නවා... සරුගලයක් උඩ යවන්න සන් නුල් පන්දුවක් වත් ගන්න සල්ලි ඉල්ලලා කරදර කරනවට වඩා අපිට නැති දේවල් ඒ කලේ තිබුනා...
දවසක් ඔහොම රුවන් අය්යා සරුගලයක් යවලා ඒක හුලගේ ගහගෙන යනකොට ගොඩාක් උඩ තිබුන නිසා එලවලා තේරුමක් නැ කියලා වෙන එකක් හදාගෙන එන්න රුවන් අය්යා යනකොට සරුගල් ගැන තිබුනා ආසාවට නොදන්නා තරම් දුර දුවලා ඒත් සංරුගලේ හොයාගන්න බැරුව ගෙදර එනකොට ඇගපත සිරිලා.. අම්මාගේ ඇස් වල කදුලු පුරවන් සංරුගලයක් හදාගන්න සල්ලි දුන්නු දවස මගේ හිතේ ගොඩාක් තදින් මතක තියන දවසක් වෙලා...
එතකොට මොකක්ද උඩ තිබුන එදා නා කපන වැස්සක් කියන එකේ තේරුම..
මගේ ජිවිතේ වෙනස් කරපු දවස....
අපේ ගමේ ඉන්නවා රතු හාමි නැන්දා කියලා මිල මුදල් වලින් ගොඩාක් ලොකු තැනක උන්නු කෙනෙක්.. වතු පිටි හරකා බාන මිල මුදල් යාන වාහන ඔය ඔක්කොම අඩුවක් නැතුව තිබුනා...
එයා ලග උන්නු වැස්සියෙකුට පැටියෙක් හම්බ වෙලා තිබුනා දවස් 2, කට කලින්... තාත්තාට කියලා තිබුනා වැස්සිවයි පැටියාවයි දෙන්නම අරගෙන ගිහින් කන්න දිලා කිරි ටිකත් අරගන්න කියලා...
හැමදාම කහට බිව අපිට කිරි බොන්න ලැබෙනවා කියන්නේ............... එදා දැනුන දේ මේ කිබොඩ් එකෙන් මට එලියට දා ගන්න තේරෙන්නේ නැ දෙවියනේ....
පහුවෙනිදා උදේම තාත්තාට ගමනක් යන්න වෙලා වැස්සි ගෙන්න යන්න වෙන්නේ ඊටත් පහුවෙනිදා.. එදා හොදටම වහින දවසක්..
මමයි මල්ලියි දෙන්නට තව දවසක් ඉන්නවා කියන්නේ කල්පයක් වගේ... දෙන්නම ඔය වැස්සෙම රතු හාමි නැන්දලාගේ ගෙදර ගියා වැස්සි පැටියයි ගෙන්න....
අය්යෝ..... මෙන්න හරක් දෙන්නෙක් ගෙනියන්න හරක් දෙන්නෙක් ඇවිත්....
රතු හාමි නැන්දාගේ ඔය වචන ටික ගමේ ගොඩාක් දෙනෙක්ට ඇහෙන්න ඇති.... කිරි බොන්න තියන ආසාවට නැති බැරි කමට එදා රතු හාමි නැන්දායි ගමේ ගොඩාක් දෙනෙකුයි අපිට හිනා උනා.. සමහර වෙලාවට කොල්ලෝ විහිලුත් කලා...
කවදාවත් නොතිබුන නොදැනුනු හැගිමක් එදා මගේ හිතට ආවා.. සමහර විට මල්ලිගේ හිතටත් එන්න ඇති... අපි හොද තැනකට එනවා.. අපිට අපේ අසරණ කමට හිනා උන අයට අපි ගැන හිතන්න වෙන අපි ලගට එන්න වෙන තැනකට අපි එනවා කියලා..
අද වෙනකොට අපි ඒ දුරෙන් භාගයකත් වඩා ඇවිත්.. එදා අපට හිනා වුන අයට අපි ලගට එන්න වෙලා...
මම ඒ කාත් එක්කවත් තරහ නැ.. සමහරවිට එදා එහෙම නොකිවා නම් අද මම මේ වගේ තැනක රස්සාවක් කරන එකකුත් නැ..
ජිවිතේ කියන්නේ දුකක් කියලා මම දන්නවා.... මේ ටික කාලෙට මම අනන්තවත් දුක් විදලා තියනවා.. හිනා වුන තැන් නැතුවමත් නෙමේ....
හිනාවෙන්න කෙනෙක්ගේ දුකක්දි එයාට පිහිටක් වෙලා එයත් එක්කම.... කවදාවත් නැති බැරි කමට හිනාවෙන්න එපා...
ප.ලි : නිවාඩු දවස් එක දිගට ආව නිසා පොස්ට් 2ක්ම දැම්මත් එක දිගට පොස්ට් ලියවෙන්නේ නැතිවෙයි.. අමතක නොවෙවිනේ හිතුමතේ..
Api hamoma eka vage thama. Apitath Oya prashnama thama.
ReplyDeleteඅපිට නම් අමතක වෙන්නෙ නෑ
ReplyDeleteදුක හිතෙන කතාවක්, මලයා කටු අකුල් නැතිනං ජීවිතේ සතුට කියන එක නැහැ, කටු අතරින් යනකොට තමා ජීවිතේ උපරිම සතුට කියන දේ ගන්න පුලුවන් වෙන්නෙ ......
ReplyDeleteලියන්න මල්ලි අපි ඉන්නවා කියවන්න ......
ඔබට ජය ...........
පන්සල් හංදියේ දාල තිබුන 'හිතුමතේ' ගෙ කොමෙන්ට් එක දැකල, ඒකෙන් තමා මේ හොයාගෙන ආවේ. පෝස්ට් දෙකම කියෙව්ව.
ReplyDeleteදිගු ගමනකට සුභ පතනව.
ඇනෝ....: ජිවිතේ හැමෝගෙම විදින්න දවසකුත් එනවා...... එහෙම නේද???
ReplyDeleteරනුල් : ඒක මට ලොකු ශක්තියක්... දැන් බ්ලොග් එක ලියන්නේ නැද්ද මල්ලි
ReplyDeleteපන්සල් හන්දිය: ගොඩාක් ස්තුතියි අය්යේ.....
ReplyDeleteකටු අකුල් නැතිනං ජීවිතේ සතුට කියන එක නැහැ
මාත් එකගයි ඒකට 100%ක්ම
ඔබ්සවර් : මගේ දෙවෙනි පොස්ට් එකෙදිම එකතු උන එක මට සතුටක් ඔබා මාමේ
ReplyDeleteඔන්න දිලුත් ආවා හිතුමතේට මොනාද ලියලා තියෙන්නෙ බලන්න.....මතකයින් කියන්නෙ හරිම සුන්දර දෙයක්...හිත කෙලවරක රැඳිලා තිබිලා අපිව ආයේමත් එතැනට අරන් යනවා...සමහර විට ඇහැට කඳුලකුත් එකතු කරලා...
ReplyDeleteහිතෙන වෙලාවට හිතුමතේට කුරුටු ගාන දේවල් කියවන්න අපිත් බලාගෙන ඉන්නවා සහෝ....ඉතින් ඉදිරියේදීත් ලියමු...අලුත් බ්ලොග් අඩවියක් හඳුනා ගන්න ලැබීම ගැන සතුටුයි....
ජය වේවා !
(මේ මගේ පලවෙනි කමෙන්ට් එක)
ReplyDeleteකඳුළු පිරි මතක කියන්නේ ජීවිතේට ශක්තියක්...
මගේ වාසනාවකට මම ඉපදෙද්දී අපේ පවුල යම් තරමකට ස්ථාවර වෙලා.
ඒත් ඒ ස්ථාවරය කියන එක සාපේක්ෂයි
(මගේ අම්ම තාත්ත හිටපු තැන ඉඳල බැලුවහම ඒ කාලේ වෙද්දී එයාල තරමක් ස්ථාවරයි)
මට ලැබිල තියෙන සෙල්ලම් බඩු ගාන එක අතක ඇඟිලි ගානටත් වඩා අඩුයි
ඒක තමයි මගේ ජීවිතේ ශක්තිය, මමයි අක්කලයි සල්ලි කීයක් හරි හොයා ගන්න අපේම ගෙදර කළුගල් කඩල විකුණලා තියෙනවා
ගේ පිටිපස්සේ තියෙන මහා කණ්ඩිය අපි පුංචි කම බලන්නේ නැතුව කඩලා පස් ඇදලා අපේ පාර, මිදුල හදල තියෙනවා
ගෙදර වැඩ වලට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීල තියෙනවා
ඒවා තමයි මට ශක්තියක් උනේ...
මටනම් වැරදුනේ නැහැ කවදාවත්
කඳුලෙන් උපන් ශක්තිය මහාමේරු පර්වතය වගේ.
ඒ නිසාම හිතුමතේටත් කවදාවත් වරදින එකක් නැහැ
දිල් : බ්ලොග් ලොකේ තවත් සුන්දර කෙනෙක් කියලා හිතනවා.. හිතුමතේ ට ගොඩාක් සතුටින් පිලිගන්නවා... නෙතක කදුලැල් ගෙනෙවි විටක සතුටක්....
ReplyDeleteලොකු පුතා : පලවෙනි කමෙන්ට් එක වගේම දිගටම හිතුමතේ එක්ක ඉන්න ගත්තු තිරනේ ගැන මට සතුටුයි ගොඩාක්..
ReplyDeleteමමත් ගොඩාක් දේවල් කරනවා.. ඒත් ඒ දවස් වල කරපු වැඩ දිහා බැලුවහම අද මොනවද කරන්නේ කියලා හිතෙනවා.. ඕෆිස් එකේ පොතක වැඩ වගේ එකාකාටි නැ ඒ කලේ... ඒත් දැන් ජිවිතේ සුන්දර නැ කියලා කියන්න බැ මට....
දවසක අපිටත් හද පායයිනේ
"දිරිය මිනිසුන්" කියමනට අර්ථයක් තියෙන්නත් එපැ මල්ලි.මල් අපට ලැබෙන්නේ බෙහෝදුරට ඡිවිතය සාර්ථක වුනාම.නමුත් ලැබෙන ගල් වලින් තමයි සාර්ථක ඡිවිත අත්තිවාරම අපි දැමිය යුත්තේ.මම මෙ POST එක බැලුවෙ පන්සල් හන්දියට ගිය නසා....ඡය.
ReplyDeleteඅතරමගදි අවහිර නොතිබ්බ නම් ගමන නීරසයිලුනේ.... ඔය වගේ සිද්දි වලින් ජීවිතේට හයියක් ගන්න පුළුවන් නම් අපි දිනුම්...
ReplyDeleteඔන්න මගෙනුත් පළවෙනි කමෙන්ටුව...මටනම් දුක හිතුනා...අසරණ මිනිස්සුන්ව පාච්චල් කරාම ලැබෙන්නේ මොන විදියේ සතුටක් ද කියලා මට නම් හිතා ගන්න බැහැ :(
ReplyDeleteසිත් සයුර : ඒක නම් ඇත්ත අක්කේ, වදින ගල් වලින් තමයි අපි අත්තිවාරම දැමිය යුත්තේ හිතට දැනෙන කියමනක්... හැමදාම අපිව බලන්න ඒවිනේ
ReplyDeleteපිස්සා පලාමල්ල : ඇත්ත නේද අය්යේ ඒකටම නේද කියන්නේ වංගු වලින් හැරි හැරි ගලනකොටයි ගගක ලස්සන උනත් පෙන්නේ කියලා
ReplyDeleteසයුරි : මුල්ම කමෙන්‍ටුවට ගොඩාක් ස්තුතියි... ජිවිතේ විදවිම් දවසක් සතුටක් ගේනවාකියලා මට හිතෙනවා අක්කේ..
ReplyDeleteතවත් වැඩක් ඇති කතා ටිකක් ලියන්න පුළුවන් කෙනෙක්... නියමයි අයියේ... සුභ පැතුම් දිගටම ලියන්න...!
ReplyDeleteI see only squares....:)) b,cause my PC does not have sinhala fonts and you dont have sinhala converter in this blog...
ReplyDeleteගොල්ඩ්‍ෆිශ් : හිතුමතේ ගැන එහෙම හිතපු එකත් මට ගොඩාක් සතුටුයි ගොල්ඩ්‍ෆිෂ්...
ReplyDeleteඋත්සහ කරනවා හොදම දේවල් ඔයාලා එක්ක බෙදාගන්න
mayya : sorry dr.. i used sinhala unicode... do u have a sinhala blog...
ReplyDeleteමේක කියෙව්වම මගේ ඇස් වලට කඳුළු ආවා හිතුමතේ. එත් මට සතුටුයි. ඔය අද ඔයාගේ ජීවිතේ දිනාගෙන. දිගටම ලියන්න. ආසාවෙන් බලාගෙන ඉන්නවා කියවන්න.
ReplyDeleteStArry aNgeL : දුක් විදපු හිතක දුක තේරුම් ගන්න තරම් ඔයාගේ හිත සංවේදි උන එක ගැන ගොඩාක් සතුටුයි මට... ජිවිතේ දිනන්න තව දුර යන්න ඕනා වෙයි.. හැමදේම වෙන්නේ අපිටමනේ.. ඔයාලගේ පැමිනිම හිතුමතේට සතුටක්
ReplyDeleteදිගටම ලියපං...ජය
ReplyDeleteහිතුමතේ කියවන්න, බලන්න හිතුවක්කාරි ආව පළවෙනිම දවස..:)
ReplyDeleteහිතුමතේට වැඩ කරන හිතුවක්කාරිට මේ නමට ආස හිතුනා.:)
හැබැයි මේ පෝස්ට් කියවලා ඇස් වලට කඳුළක් ආවා..ජීවිතේ මහා කට්ටක් තමා. හැබැයි හිතුමතේ ඔයා මේ කට්ට කාලා අද ජීවිතේ හුගාක් දුර දිනාගෙන ඇවිත්...මම අවංකවම සුභ පතනවා.. තව තවත්, දුක දරාගෙන, හිත හයිය කරගෙන,කදූළු හංගගෙන, හිනා වෙන්න, ධෛර්‍ය ශක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා..:)
ජය වේවා..!!!!!
ජිවිතේ දුක් මැදින් ගලනකොටත් අමුතුම සුන්දරත්වයක් කාලයත් එක්ක ලැබෙනවා.. වරදින්නේ නැ හිතුමතේ කවදාවත්.. හදවතින්ම සුබ පතනවා මම ඔයාට....
ReplyDeleteRaj : ස්තුතියි යාලුවා............
ReplyDeleteහිතුවක්කාරි : සාදරයෙන් පිලිගන්නවා හිතුමතේ වෙත... හිතුමතේ වැඩ කරන එක හිතුමතේ ගේ ස්ටයිල් එක නිසා ඒ වගේ වැඩ කරන කෙනෙක් තවත් බ්ලොග් අවකාශයේ ඉන්න එක ගැන සතුටුයි මට... පොස්ට් එකේ විදපු දුක් වලින් දශමයක් වත් මේ පොස්ට් එකේ නම් ලියවිලා නැතිව ඇති... දිගටම ඉන්න එකතු වෙලා ස්තුතියි
ReplyDeleteදේවා ගේ අඩවිය : ඇත්තටම ඒක එහෙමයි කියලා මටත් හිතෙනවා.......... ස්තුතියි
ReplyDeleteහිතුමතේ මගඒ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකකින් පාර හොයන් තමයි මං මේ පැත්තට එන්නේ.. දිගටම ලියන්න.. මම එනවා හැමදාම මේ පැත්තේ...
ReplyDeleteඇත්ත ඹහොම මිනිස්සු නම් ලංකාවේ අඩු නැතුව ඉන්නවා :(
ReplyDeleteඅපි බලං ඉන්නවා ඊගාව පෝස්ට් එක එනකං....
ReplyDeleteDinesh : හිතුමතේ ගොඩාක් ආසාවෙන් බලාන ඉන්නවා...
ReplyDeletetharidu44 : යාලු ඔය වගේ මිනිස්සු කිවේ මම ගැනද එහෙමත් නැත්නම් රතු හාමි නැන්දලා වගේ අය ගැනද??
ReplyDeleteObserver : අද නම් කොහොමහරි පොස්ට් එකක් දානවා ඔබා මාමේ ජිවිතේ විදපු තවත් දුකකින් අද පොස්ට් එකෙන් හම්බවෙමු... සමහරවිට දුක කියන එක වැඩක් නැතිවෙයි... ඒත් එකත් හොද පාඩමක්
ReplyDeleteඑහෙමත් අමතක වෙනවද මල්ලි.
ReplyDeleteවෙලාව තියෙන හැටියක ලියමු. මල්ලි ජීවිතේ ජය ගත්ත හැටි ලියන්න පුලුවන් නම් නියමයි. මොකද ඒක පාඩමක් කරගෙන ජීවිතේ හදා ගන්න එකම එක්කෙනෙක් හරි ඉදීවි. ඒක ලොකු සතුටක් !!!
කිරි කලයට ගොම බින්දුවක්. එළදෙන දෙන්නත් එකඟ වෙලා අන්තිමට වැඩක් නැති කතාවක් කියලා හොඳ වැඩේ වටිනා කමත් නැති කර ගත්තෙ ඇයි කියලයි හිතා ගන්න අමාරු.
ReplyDeletehenryblogwalker the Dude
මධුරංග : එහෙම එක්කෙනෙක්වත් උන්නොත් ඇත්තටම සතුටුයි. මේ කිබොඩ් එක මත දුවපු අකුරු වලට සාධාරණයක් කලා කියලා.. ගොඩාක් වටිනවා අය්යේ ප්‍රතිචාරේ
ReplyDeleteමේකනේ අය්යේ.. රතු හාමි නැන්දා එහෙම කලේ අපිට කිරි බොන්න දෙන්නවත් ඒ හරකා අපිට තියාගන්න දෙන්නවත් නෙමේ.. ටික දවසක් කාලයක් යනකන් එලදෙනගේ කැම ප්‍රශ්නේ අපිට කියලා විසද ගන්න ගමන් තවත් හරක් ටිකක් අපිට කියලා බලාගන්න..
ReplyDeleteඅනිත් එක අපි ඉගන ගන්න එකට කොහොමත් විරුද්ද වෙලා තමා උන්නේ
සැහෙන්න හිතන්න පුළුවන් දේවල් මේ කතාවේ තියනවා. මමත් ජීවිතේ ගොඩක් දුක් විඳපු කෙනෙක්. මගේ ඉගනීම කඩා කප්පල් උනා දුප්පත් කම හින්ද. එත් අද මම කොහොම හරි මගේ දෙපයින් නැගිටලා ඉන්නවා. එදා මගේ නෑදැයෝ මට වල කපන්න හදද්දීත් මම නැගිට්ටා. අමාරුවෙන් ඉගනගන්න මට වියදම් කරන්න මගේ අම්ම දහදුක් වින්ද. මම කාලයක් කොම්පියුටර් වල කෑලි හදල කීයක් හරි හොයාගත්ත ක්ලාස් යන්න පොකට් මනී වලට. ඊට පස්සේ ඉගැන්නුවා. මගේ ඩිග්‍රී එක්සැම් එක දවසේ මගේ අනිත් යාලුවෝ උදේ මට කතා කරද්දී මම රස්සාවේ. එත් මම අතෑරියේ නෑ. දිගටම පුළුවන් විදියට ඉගනගත්ත. අද මම හොඳ තැනක ඉන්නවා. අම්මටත් සලකාගෙන මගෙත් දේවල් කරගෙන මට අද ඉන්න තරම් තැනක මම ඉන්නවා. ඔයාගේ කතාව ඉගනගන්න ඕනේ හැමදෙනෙක්ටම හරිම ආදර්ශයක්.
ReplyDelete