Tuesday, December 27, 2011

ඇත්තටම ආදරේ ට අනිවාර්යෙන්ම කැපවිම ඕනෙමයිද??

හිතුමතේ 2011 වසරේ දාන අන්තිම ක‍ටු සටහන වේවි....

හිතුමතේ ජිවිතේ විදපු තවත් එක අත්දැකිමක් ඔයාලත් එක්ක බෙදා ගන්න කියලයි හදන්නේ..

හිතුමතේ ඇත්තටම මිට අවුරුදු 4,5කට කලින් ගොඩාක් දුක් විදපු කෙනෙක් කියලා ඔයාලා දන්නවනේ..

ඉතින්.... ජිවිතේ වෙනුවෙන් අරමුණු වෙනුවෙන් කැප වෙන්න කියලා ජිවිතේ තවත් එක් නිමේශයක් බ්ලොග් පි‍ටු මත දිග ලියවේවි...

රජ  පවුලක ඉපදුනත් හැමෝටම රජ වෙන්න බැ.. අපේ දේශපාන වංශ කතා දිහා බලනකොට ඒක ගොඩාක් හොදට ඔප්පු වෙනවානේ

ඒ වගේම දුප්පත් පවුලක ඉපදුනත් රජ වෙන්නත් පුලුවන් කැපවිමක් තියනවානම්..

හිතුමතේ තවම නම් රජ වෙලා නැ.. ඒත් ඉතින් ගොඩාක් දේවල් නම් හිතුමතේ දිනලා තියනවා..

රජයේ ‍රැකියාවක් දැන් කලත් උසස් පෙල ලියලා මේ රස්සාව මට ලැබෙනකන් මමත් ගොඩාක් මහන්සි උනා රස්සවක් හොයා ගන්න...

ඔය කාලේ මට ලැබුනා පුද්ගලික ආයතනයක ගිනුම් කරුගේ තනතුරක්... ඇත්තටම ගොඩාක් ලොකු තැනක් නෙමේ උනත් ගොඩාක් දෙනෙක් ගැවසෙන බයින්ග් ඇන්ඩ් සෙලින් කම්පැනි එකක්..

ඒක අයිති උනු මගේ ප්‍රධානියා ඒකේ තනි අයිති කරු, බොහොම කැපවිමෙන් වැඩ කරපු කෙනෙක්.. දියුනු වෙන්න ගොඩාක් උත්සහ කරපු කෙනෙක් විදිහට මම දකින

වැඩ කරන සේවකයොත් එක්ක පුදුම විදිහට එකතු වෙලා වැඩ කලේ...

බයින්ග් ඇන්ඩ් සෙලින් කිවට ගන්න අමුද්‍රවය මොකක් හරි නිෂ්පාදනයක් විදිහටම තමයි ආයතනයෙන් පිටට යවන්නේ.. ලංකාව ඇතුලේ විතරක් නෙමේ  රටින් පිට උනත් මේ ආයතනයට ඉල්ලුමක් තියෙනවා..

ඇත්තටම හිතුමතේ පොඩි කාලේ දේවල් නොලැබිම නිසා එක එක දේවල් කැප කලත් මේ අයතනය නිසා ගොඩාක් අත්දැකිමෙන්ම කැපවෙන හැටි අත් වින්දා..

ඒකට හුරු උනා.. ආයතනේ ප්‍රදානියත් එක්ක ගොඩාක් සේවකයෝ එකතු නිසා කවදාවත් ප්‍රශ්න තිබුනේ නැ.. ඉල්ලුම් කරුවෙකුගේ ඉල්ලිමක් ඒ වෙලාවටම ඉෂ්ඨ කරන්න පුදුම කැපවිමක් තිබුනේ...

අද දිවයිනේ ප්‍රදාන සැපයුම් කරුවෙක් ඒ ආයතන නිශ්පාදනය කරන නිමි භාන්ඩ වල තත්වය හා කැපවිම නිසා..

ඔයාත් ‍රැකියාවල් කරනවා ඇති.. ඔයාලගෙම එකක් නොවුනත් කැප වෙලා වැඩ කරන්න ඔයාලට පුලුවන්නම් ඔයාලගේ අනාගතේ ගොඩාක් සුරක්ෂිතයි..

හිතුමතේ හිතනවා මේ කැපවිම ‍රැකියාවට විතරක් නෙමේ විශේශයෙන්ම ආදරයේදිත් ගොඩාක් කැප වෙන්න ඕනා..

ආදරය වෙන්න ආදරේ කරන කෙනා වෙනුවෙන් කැප වෙන්න අමාරුයි නම් ඇත්තටම ඒ ආදරේ නොකරන එක හොදයි කියලා මම හිතනවා..

ජිවිත කාලේ පුරා එකට ඉන්න එක්කෙනෙක් වෙන්න කැපවිම විශ්වාසේ ගොඩාක් වැදගත්...

හිතුමතේ කියන්නේ ආදරේ නිසාත් විදවපු කෙනෙක්.. ඒත් ආදරේට ආදරේ කරන කෙනෙක්..

ඇත්තටම ආදරේ ට අනිවාර්යෙන්ම කැපවිම ඕනෙමයි නේද??
උදාවෙන 2012 අවුරුද්ද සුභම සුභ නව වසරක් වේවා යාලුවනේ ඔයාලා හැමෝටම

7 comments:

  1. ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  2. කැපවීම නැති නම් කිසිදෙයක පැවැත්මක් නෑ කියලයි මට නම් හිතෙන්නේ......

    ඔබටත් සුබ නව වසරක් වේවා!!!!

    ReplyDelete
  3. සුභ අලුත් අව්රුද්දක් වේවා...

    ReplyDelete
  4. කැපවීම නැත්නම් නිකන් ලැබෙන දේ වුනත් හරි යන්නෙ නෑ මං හිතන විදිහට. ආදරේටනම් නැතුවම බෑ.

    ඔයාටත් සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  5. හ්ම්ම්ම්... අනිවාර්යෙන්ම... ආදරේට කැපවීමක් ඕනෙමයි!!! කිසිම දෙයක් ලේසියෙන් ලබාගන්න බෑ..එහෙම ලබාගන්න දේවල් අගෙත් නෑ...:)

    අයියගෙ අනාගතේ වාසනාවන්ත වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා!!!

    සුභ නව වසරක්!!!

    ReplyDelete
  6. හිතුමතේ ට සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  7. සුබ නව වසරක් වේවා හිතුමතේ මල්ලි !!!

    ReplyDelete

හිතු මතේ මොනවාහරි කියල යන්න ඔන්න බල කරන්නේ නැ කැමතිනම් විතරක්