හිතුමතේ කියාගෙන බ්ලොග් ලියන්න පටන් ගත්තට තාම පොස්ට් 5ක් විතරයි දාලා තියෙන්නේ.. දෙසැම්බර් මාසේට මුකුත් නැ..
බනින්න එපා.. ඒ හිතුමතේගේ හැටි.. මොකද හිතුමතේ දැන් ගොඩාක් මහන්සියෙන් හොයාගත්තු ජිවිතෙත් එක්ක සටන් කරන්න තියෙන එකම එක රැකියාවත් එක්කත් මහන්සි වෙනවානේ...
බනින්න එපා කිවාට හිතුමතේව මතක තියන එකම එක කෙනෙක්වත් ඉන්නවද දන්නේත් නැ....
හිතුමතේ මේ ටිකේම පොස්ට් වලින් විදපු දුක්මනේ කිවේ... අද පොඩ්ඩක් ඉගන ගත්තු පාඩම් ටිකක් කියන්න හිතුමතේට හිතුනා.. මාසෙකට එකක් වත් නොලියන එකත් හරි නැනේ....
මෙන්න මේවා මගේ ජිවිතේට ගොඩාක් වැදගත් හිතුමතේ හිතන විශ්වාස කරන , කරන දේවල්
1. විශ්වාස කරන්න ඔයාට විශ්වාස කරන්න පුලුවන් කියලා හිතෙන අයව විතරක්... ඔයාට විශ්වාස කරන්න අමාරුයි කියලා හිතෙනවානම් කවදාවත් එපා විශ්වාස කරන්න
2. කරන්න වැඩක් තියනවා නම් කොහොම හරි එක කරන්න.. කටවත් ඔයාව නවත්වන්න ඉඩ දෙන්න එපා
3. නියමිත වැඩ නියමිත වෙලාවට කරන්න.. කවදාවත් වරදින්නේ නැ එතකොට
4. වැරදුනොත් මුලටම යන්න.. කොතනද වැරද්ද උනේ කියලා පරිස්සමට බලන්න
5. විශ්වාස කරන්න අනිත් හැමෝටම කලින් ඔයාවම
6, බනිනවා , විවේචනය කරනවා නම් එකට එක කියන්න එපා ඉවසගෙන අහගෙන ඉන්න ( තාම හිතුමතේත් හරියටම නොකරන දෙයක් මේක නම්.. හිතුමතේට මේක හදා ගන්න උපදෙසක් දෙන්න පුලුවන්නම් වටිනවා ගොඩාක්
7. අවවාද පිලි ගන්න... ඒ කියන්නේ ඇත්තක් කියලා දැනුනොත්..... (අන්ධ වෙලා නම් නෙමේ)
8. කොයි තරම් හිතින් අවුල් උනත් පිටට ප්රශ්ණ නොදි හිනාවෙලා සුහදව ඉන්න
9. හදට ගලකින් ගහන්න ඕනේ නම් හැකි තරම් විර්ය යොදලා ගහන්න.. අනිවාර්යෙන්ම ප්රතිපලයක් ලැබේවි.උත්සහයට
10. සැලසුමක් ඇතිව වැඩ කරන්න...
11. බලාපොරොත්තු ජිවිතේ ජිවත් කරවනවා කියලා හිතන්න..
12. හැම දුකක්ම කෙලවර පුංචි හරි සතුටක් තියනවා කියලා දකින්න
13. පුංචි වැරද්දකදි උනත් වැරද්ද වෙනුවෙන් සමාව ගන්න ඒ කෙනා කොහොම කෙනෙක් උනත්...
14. දෙයක් නැති උනහම දෑනෙන දුක වැඩි නිසා හැම වෙලේම ඒ දේවල් පරිස්සම් කරගන්න වැඩ කරන්න
හිතුමතේට මේ හිතෙන දේවල් ඇත්තටම ඔයාලට වැදගත් නම් හිතුමතේ සතුටින්
කමෙන්ට් ගැන, පෝස්ට් ගැන හිතන්න එපා. වැඩේ දිගටම ගෙනියන්න ඔබට තුති. සෑමාද අමාරැවෙන් බ්ලොග ගොඩ දාපු පොරක්ය. ජය..
ReplyDeleteහිතුමතෙව කාලෙකින් තමයි දැක්කේ.. ලියලා තියෙන කරුණු 14 ම ගොඩාක් වැදගත්, බ්ලොග් ලියන එකනම් නවත්තන්න එපා.. :))
ReplyDeleteම්....මේ ගොඩක් දේ ඔන වෙයි ඉස්සරහට යනකොට....බලමු
ReplyDeleteහොද උපදෙස් ටිකක්.
ReplyDelete//, බනිනවා , විවේචනය කරනවා නම් එකට එක කියන්න එපා ඉවසගෙන අහගෙන ඉන්න ( තාම හිතුමතේත් හරියටම නොකරන දෙයක් මේක නම්.. හිතුමතේට මේක හදා ගන්න උපදෙසක් දෙන්න පුලුවන්නම් වටිනවා ගොඩාක්//
වෙනී අයියගෙ කතාවෙ තිබුනා වගේ හිතෙන් ගනින්න පටන් ගන්න. ඉවත්ව යන්න පුලුවන්නම් ඉවත්ව යන්න.ඔන්න මං දන්න දේ කිව්වා. :))
ඇත්තටම වැදගත්
ReplyDeleteහරියටම පිලිපැද්දොත් වරදින්නෙ නෑ
වටිනවා, වටිනවා.... මේ කියපු දේවල් ජීවිතේ ට ගොඩාක් වටිනවා....
ReplyDeleteඋපදෙසක් දෙන්නම් - කවුරුහරි තමන් අකමැති විදිහ ට බනිනවා හෝ විවේචනය කරනවා නම්, ඒවා ට ඇහුම්කන් නොදී ඉන්න. තමන් ගැන විශ්වාසය තියාගෙන ඒ බැනුම් නොසලකා හරින්න.....
ගොඩක් වටිනවා උපදෙස් ටික !!!
ReplyDeleteමම නම් මම් ගන විතරයි විශ්වාස කරන්නේ මට දෙයක් කරන්න පුලුවන් නම් ඒක කොහොමහරි කරනවා කියලා හිතනවා.
මේ ටික දවසට අමතක උනේ නැහැ.
ReplyDeleteපුළුවන් වෙලාවට ලියන්න, අනිත් වැඩ පාඩු කරගෙන ලියන්න එපා...
උපදෙස් ටික හොඳයි.
මමත් කීපයක් ඇරෙන්න අනිත් ඒවා කොහොමටත් පිළිපදිනවා...:))
ඇත්ත තමයි.. ස්තුතියි හිතුමතේ.. අපිට එහෙම ඔහේ හිතුමතේ යාලුවන්ව අමතක වෙන්නේ නැතෝ... :)
ReplyDeleteදිගටම ලියන්න අයියේ.. නවත්වන්න එපා.. පුලුවන් ව්එලාවට ලියන්න..:)
ReplyDeleteවටිනා කියන ලිපියක්...වටින අදහස් ටිකක්...
hithumatheta veda karanna epa.job eka gahala yai.
ReplyDeleteහිතුමතේගෙ Blog එකට අදයි ආවේ ඔන්න.
ReplyDelete"වැරදුනොත් මුලටම යන්න.. කොතනද වැරද්ද උනේ කියලා පරිස්සමට බලන්න" මෙන්න මේ උපදෙස ගැන මම ටිකක් කල්පනා කලා.කතාව ඇත්ත වුනත් වැරැද්ද වුණු තැන දැනගත්තට ආයෙ ඒ වැරැද්ද හදන්න බෑ නේද.(මං කියන්නෙ ජීවත් වෙද්දි කරන වැරදි)
ඔන්න වැරැද්ද දැනගත්තහම අපිට පුවවන් ආයෙම ඒ කලින් කරපු වැරැද්ද නොකර ඉන්න..
හිතුමතේ හදිසියෙන් දාපු පොස්ට් එකට කමෙන්ට් කරපු ඔක්කොටම ගොඩාක් ස්තුතියි..
ReplyDeleteකෙනෙක්ගේ බ්ලොග් එකක නමක් මම දාලා තියනවා කියලා කමෙන්ට් එකක් තිබුන නිසා ඔන්න මම හිතුමතේ බ්ලොග් කියන නමට වෙනස් උනා.. නොදැනුවත්ව උන දෙයක්.. ඒ නිසා ගනන් ගන්න එපා යාලු..
ඇත්තටම වටින අදහසක් හිතුමතේ.. මේ අවවාද ටික හරිම වැදගත් දියුණුවෙන්න ඕනේ නම්.
ReplyDelete