Thursday, November 17, 2011

එක්වන්න කවදා හෝ මගේ හිත් මඩලට.....

ඔබම මා හට කියන්න....
සවනට ලංව ආදරෙයි කියන්න....
ඔය වත කමලට බරවෙන්න....
නෙතු වියලන තුරා අඩන්න දෙන්න....


ගෙවුනු හැම දිනයන් පුරා....
මා හෙලු කදුලු කැට නෙතගින් සරා...
පිසදන් හිනහෙන්න දිවිමන් අරා...
සනහන්න මා සමගින් හිද දිවිය පුර...


සද මෝදු වු ‍රැයේ....
පිබිදෙන රස හැගුමන් නිරා..
නිම් හිම් පුරවන් සනහා...
විදගන්නෙමි මොහොතක් ගෙවා..


ආදරෙයි කියන වදන නිසා...
කොයිතරම් දුක් ගිනි වින්දද....
ළේ රතු වෙන තුරා....
මේ හිත ඇඩුවද ගෙවුනු දිනයන් පුරා...


ජිවිතේ මිලින ඉර මඩල අත හැර....
ගිලි නැගෙන සද මඩල හා අත් වැල් බැද....
පොපියන මා නෙතුමඩල නලවා....
එක්වන්න කවදා හෝ මගේ හිත් මඩලට.....


හිතුමතේ ට හිතුනු හිතුමතේ ට දැනුනු හිතුමතේ අතින් ගෙතුනු කවි පන්තියක් (එහෙම කියන එක වැරදිද මන්දා)

ප.ප.ලි : හිතුමතේ හිතට දැනෙන ඒවා ලිවත් කැමතියි දැන ගන්න ඔබේ අදහස්.. ඒ කියන්නේ අයේ මෙවා එපා නම් ඔන්න එපා කියලා කියලා යන්න

20 comments:

  1. ලස්සනයි..... ගොඩක්...ඔයාගේ හිත.. ඒත් ඔයා ගැන තියන විස්තරනම් මදි වගේ. හිතුමතේට ලියන ඔය කතාවට මම ගොඩක් කැමතියි. ඇයි කියන්නැත්තේ ඔයා කවුද කියල.... දන්නවද ඔය තරම් විවෘතව කතාකරන්න‍ හැමෝටම බෑ. පුංචි කාලේ ඉදල ගොඩක් දුක් විදපු ඔයා දැන් ඉන්නෙ කොතනද කියලා දැනගන්න කැමතියි. ඒ වගේම අපේ ජිවිත වලට දුක ඇති වෙන තරමට අපි සාර්ථක වෙනවා. ඒ නිසා ඔයාගේ post එක බලනකොට ඒ සාර්ථකත්වය ඔයා ලබාගෙන ඇති කියල හිතනවා. ඒක නිසා කැමතිනම් මේකට comment කරන්න. ඔය විදිහට හැමදාමත් ජීවිතේ සරලව ලස්සනට දකින්න. හැමදාමත් සතුට ඔයා ලගම තියේවි......

    ReplyDelete
  2. ආදරේ හැටි ඔහොම තමා බං...ඔක මහ පුදුමාකාර දෙයක්නේ..සතුට..විරහව අතරේ දොලනය වෙනව...

    ReplyDelete
  3. ලස්සනයි...... ගොඩක්.. ඔයාගේ හිත. ජීවිතේ සරලව දකින කෙනෙක් ඔයා...

    ReplyDelete
  4. ආදරේ කියන්නෙ මේ ජීවිතේ එක කොටසක්නේ...ජීවිතේට වගේම ආදරේටත් දුක සතුට දෙකම උරුමයි...සතුට විතරක්ම විඳින ආදරයකුත් ...දුක විතරක්ම විඳින ආදරයකුත් ලෝකෙ කොහේවත් නෑ...

    පද ටික අපූරුයි

    ReplyDelete
  5. in4gate-sayuri : ගොඩාක් ස්තුතියි යාලුවා.. හිතුමතේ ටිකක් නිශ්ශබ්ද කෙනෙක්.... ඒත් දිනන්න ගොඩාක් උත්සහ කරන කෙනෙක්... හිතුමතේ එක්ක දිගටම ඉන්නකෝ... දැන ගන්න පුලුවන් වෙයි තවත් විස්තර...

    ReplyDelete
  6. Raj : ඒක නම් එහෙම තමයි වෙන්න ඇති යාලුවා....

    ReplyDelete
  7. in4gate-sayuri :ඇත්ත ඒත් කොහොමද ඔයා එක දන්නේ

    ReplyDelete
  8. දිල් : ජිවිතේ කොටසක් කියන එකට මමත් එකගයි දිල් : ඒ වගේම කෙනෙක්ට සතුටින් විතරක්ම ඉන්න පුලුවන්නම් ආදරේ නිසා එතන පොඩ්ඩක් විතර අමුතු ඇති... ගගක් උනත් ලස්සන වංගු තියනකොටලුනේ..

    ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  9. "දූක සැප නිති පෙරලේ රිය සක ලෙස" ලෝකේ ආදරයට දෙන්න වෙන උදාහරණ නැත යාළුවා ඒකමයි.....ජය.

    ReplyDelete
  10. //ආදරෙයි කියන වදන නිසා...
    කොයිතරම් දුක් ගිනි වින්දද....
    ළේ රතු වෙන තුරා....
    මේ හිත ඇඩුවද ගෙවුනු දිනයන් පුරා...//

    මගෙ හිත ට ගොඩක් වැදුණු කවිය මේක...

    කවි පංතියම සංවේදියි.....

    ReplyDelete
  11. සිත් සයුර : ජිවිතේ දුකයි සැපැයි දෙකම තියෙන්න ඕනා මම හිතන්නෙත්,.... ඕනාවට වඩා දුකවත් ඕනාවට වඩා සතුටත් ප්‍රශ්නයක් නේද අයියා

    ReplyDelete
  12. මහි : ආදරේ ගැන මට මෙතුවක් කල් දැනුනු සිතිවිල්ලයි ඔය....

    ජිවිතේ හැම මොහොතක්ම සංවේදියි මම නම් හිතන්නේ....

    මම හිතන්නේ මේ පලමු පැමිනිම.... සාදරයෙන් පිලිගන්නවා හිතුමතේ

    ReplyDelete
  13. "ආදරෙයි කියන වදන නිසා...
    කොයිතරම් දුක් ගිනි වින්දද....
    ළේ රතු වෙන තුරා....
    මේ හිත ඇඩුවද ගෙවුනු දිනයන් පුරා..."

    ම්ම්...සංවේදී...:( දුකයි!!! පද ටික හරි ලස්සනට ගලපලා තියනවා අයියේ..ඒත් දුක හිතෙනවා

    ReplyDelete
  14. හිතු මතේට හිතට එන
    කවි පදයක් තරම්
    දැක නැත හිතට එන කවි
    මෙහෙව් ස්තරම්
    ලැබ ගෙන පිවිතුරු ආදරයක
    සොදුරු වරම්
    ලියන් කවි පද බැද
    එමි මම පුළුවන් තරම්.. :)

    ReplyDelete
  15. හිතුවක්කාරි : ඒ පද ටික වගේම දුකක් හිතට දැනිලා විදපු නිසා එහෙම ලියවුනේ නංගෝ.. දුක දවසක ගෙනේවි සතුටක්

    ReplyDelete
  16. චතු මිතු : පලමුව සාදරයෙන් පිලිගනිමි...

    ලියු කවිපද
    දැනේ යැයි නොසිතුනි
    මේ විලසට
    දැනුන දුක් කද
    අකුරු කරවුයෙමු
    මෙලෙසට
    ‍රැදෙනු දකිනු
    කැමතියි
    හැමදාමත්
    හිතුමතේ සමගින්

    ReplyDelete

හිතු මතේ මොනවාහරි කියල යන්න ඔන්න බල කරන්නේ නැ කැමතිනම් විතරක්