හිතුමතේ කියන්නේ නැ කිවත් ජිවිතේ හිතුමතේ ගැන නොකියන එක වැරද්දක් කියලා හිතුනා....
මේ දුප්පත් කොල්ලා ජිවිතේ ගොඩාක් දුක් විදලා තියනවා...
ගොඩාක් පාඩම් ඉගන ගෙන තියනවා...
ජිවිතේ විදින ගොඩාක් දෙනෙක් බ්ලොග් ලියනවා...
ඒ වගේම විදවන අයත් ඉන්නවා කියලා දැනිලා තියනවා...
සමහර අය තාම ජිවිතේ පටන් ගත්තු ගමන්....
ඉතින් සැරෙන් සැරේ මේ හිතුමතේ කියයි එක එක අත් දැකිම්...
සමාවෙන්න අකමැතිනම් ඒ දේවල් කියවන්න...
හිතුමතේ නිදහස්.. හිතේ හැම හිතුමතේ පහල වෙන සිතිවිල්ලක්ම මේකේ අකුරු වෙවි....
කලින් පොස්ට් එකේ ජිවිතේ හිතුමතේ විදපු දුක් කන්දරාවෙන් ඇල්පෙනෙති තුඩක තරමේ දෙයක් විතරක් තිබුනාවගේම ජිවිතේ මම අරමුනක් හදාගත්තු දවසක් ගැනත් කිවානේ..
අද පොඩ්ඩක් කියන්න හිතුවා හිතුමතේ ඉගන ගන්න විදපු දුක.. ඉගන ගන්න මහන්සි වෙන කැපවිමක් තියන මගේ සහොදර සහෝදරියන්ට ශක්තියක්ම වේවා..
හිතුමතේ අයන්න ආයාන්න කියපු පුන්චි ඉස්කොලේ යන කාලේ නම් ඒ තරම් අම්මට තාත්තාට බරක් නොදැනෙන්න ඇති.. මොකද දැන් වගේ ඒකාලේ ඒප්‍රන් මහන්න... බැග් එක ස්කොලේ දෙන එක කිය ගෙවලා හරි ගන්න දාන සපත්තු දෙක ස්කොලෙන් තිරනය කරන්න පොත් වලට පිට කවර ස්කොලෙට ඕන විදිහට දාන්න ඕනා උනේ නැනේ....
ගොඩාක් තැන් වලදි මුදල් පිලිබද තැන් වලදි පන්තියේ අන්තිමයා වෙන හිතුමතේ දවසක් දෙකක් ඇරෙන්න ජිවිතේ ඔය වසර 11ට කැන්ටිමට ගිහින් නැතුව ඇති....
අනිත් අය කන බොන දිහා බලාගෙන ඉන්න පුරුද්දක් නොතිබුන හිතුමතේ ගෙදරින් ගෙනියන සම්බොල එක්ක බත් එක උනත් ආසාවෙන් කාලා වතුර බිලා ඉගන ගත්තා..
හැමදාම පන්තියේ පලවෙනි දෙතුන් දෙනා අතර හිතුමතේගේ නම නොතිබුන අවුරුද්දක් නම් තිබුනෙම නැ....
(පොස්ට් එක ලියන්න පටන් අරන් ටික දවසක්.. ඔබා මාමා කලින් පොස්ට් එකට ආයෙමත් කමෙන්ට් කරලා කියලා තිබුනු වචනේ මට ඉක්මනටම ලියන්න මේ කතාව ශක්තියක් උනා)
ටියුශන් කියන වචනේ හිතුමතේට තහනම් වචනයක්.... ඒත් පන්තියේ අනිත් හැමෝම ටියුශන් යනකොට ඒ යන කෙනෙක්ට බොහොම අමාරුවෙන් නොවදිනා වැදුම් වැදලා පන්තියේ නිකන් ඉන්න වෙලාවට ඉන්ටවල් එකට ටියුට් ලියාගෙන ඉගන ගන්න එකත් එක්ක ලොකු සටනක් කලා..ඕ ලෙවල් කාලේ...
අන්තිමේ හිතුමතේ තමන්ගේ පාසලේ හොදම සාමාර්ථය එක්ක විශයන් 10න් නමයකටම සම්මාන වලින් එහාට ගිය රිසාල්ට් එකක් එක්ක ( ඒ 7යි බි 1යි සි 1 යි කැඩුනු පැස්ටල් පෙට්ටියකින් චිත්‍ර ඇදපු නිසාද කොහෙද ඒකට එස් එකකුයි එක්ක විභාගේ සමත් උනා.. ) (චිත්‍ර වලට එහෙම වෙන්න ඇත්තේ දෙන පේපර් එකට ලියන්න විශය කරුනු අමතර පොත් නැති කම නිසා නොලැබුනු නිසාම වෙන්න ඇති)
කොහොම හරි ඔය සාමාර්තේ නිසාම (ගමක අඩු පහසුකම් යටතේ මේ වගේ රිසාල්ට් එකක් ඇත්තටම ලොකු දෙයක්.. ඔයාලට එහෙම නොදැනෙනවා ඇති)
ඒත් ඒ රිසාල්ට් එකෙන් මගේ අම්මාගේ තාත්තාගේ හිතට ගෙනත් දුන්නු සතුට කදුලු කැට විදිහට ගලනවා මගේ මේ ඇස් දෙකට විදිනකොට ජිවිතේ
ඒ අවුරුදු ගාන මම විදපු දුක් ගැන මට දැනුන දුක නැතිවෙලා ගියා මගේ ඇස් ඉස්සරහාම..
දිනන මගේ පියවර නුබයි මගේ අම්මා
තබන හැම පියවරකම ශක්තිය නුබයි මගේ තාත්තා
ඕලෙවල් එහෙම පාස් වුන නිසා ගමේ පාසලෙන් අයින් වෙලා නගරේ පාසලකට අකුරු කරන්න යන්න මට මගේ ගමේ පාසලේ ගුරුවරු ලොකු ශක්තියක් උනා..
ගමේ පාසලේ වගේ නෙමේ නගරේ පාසල් වල අකුරු කරනවාට වඩා වෙන වෙන දර්ශන ගොඩායි..
සල්ලි කාර අම්මලා තාත්තලා එක්ක එක එක වාහන වලින් පන්තියට එන ළමයි අතර බස් රතේ සිසන් එකට පින් සිද්ද වෙන්න මාත් පාසලට ගියා.. සිසන් එක විතරක් නොතිබුනු මම බස් එක නැති දවසට තව කිලෝමිටර් 3ක් විතර ඇතින් තිබුනු මහ පාරට පයින්ම යන්නේ වෙන කරන්න දෙයක් නොතිබුනු නිසාමයි...
ඒ ලෙවල් කරන කාලේ ක්ලාස් නොගිහින් විභාගේ ගොඩ දාගන්න එක ඇත්තටම අමාරු දෙයක්නේ... මොකද හිතුමතේ කලේ ගණිත විශයන්නේ... කොස් ,ටැන් එක්ක එක එක අංශක වලින් ජිවිතයට එක ප්‍රශ්න එනකොට සාපෙක්ෂ ප්‍රවේගයත් එක්කම සාපෙක්ශ ත්වරනයෙන් ජිවිතය ගලනකොට මේ හිතුමතේට ජිවිතයම අනුමාපනයක් වගේ වෙලා..
පන්ති යන්න සල්ලි හොයාගන්න හිතුමතේ කලේ ඒ දවස්වල මොබිටෙල් අලවි නියොජිත සමගමක් එක්ක එකතුවෙලා මහපාරේ සිම්කාඩ් විකුනන්න පටන් ගත්තා... සිම් එකකට රුපියල් 25ක් 30 විතර ලැබුන නිසා නිවාඩු දවස් වල ඒවට ගිහින් ඊලග මසේ පන්ති යන්න සල්ලි හොයාගන්න හිතුමතේ ගොඩාක් ලොකු දුකක් වින්දා....
දවසට සිම් තුන හතර සමහර දවසට 10ක් 12ක් විකුන ගෙන යාලුවෝ හැමෝම සැප විදිනකොට හිතුමතේ අව්වේ පිච්චි පිච්චි යාලුවන්ගේ හිත්වලින් කියන එක එක වචන වලින් හිත පාරවගෙන යන්තම් ඊලග මාසෙට කාඩ් එක ගන්න බස් එකේ යන්න ඕන කරන ගාන හොයාගත්තේ දරාගන්න බැරි දුකක් විදලා
යොවුන් වියේ ආදර හැගුම් හිතුමතේට පහලනොවුනා නෙමේ... ඒත් ඔයා මහ දුප්පතෙක්නේ මසෙකට සැරයක්වත් මට ඇදුමක් අරන් දෙන්නවත් ඔයාට සතේ අතේ නැනේ කියලා එයා මගෙන් ඇතට යනකොට හිතුමතේ ගොඩාක් වැටුනා..
කොහොමද දෙවියනේ මම එයට තේරුම් කරන්නේ ජිවත් වෙන්න මම කරන්නේ යුද්ද්යක් කියලා.
හිතුමතේ අද ඒ ගැන සතුටින්... එක එහෙම නොවුනා නම් ඇත්තටම හිතුමතේ ට ඒ තරම් ඉගන ගන්න තැනකට එන්න බැරිවේවි ඒ වචන ඒ දුක ලොකු ශක්තියක් උනා රතු හාමි නැන්දාගේ වචන වගේම....
ඉගන ගන්න කලේ ආදරේ කරනවනම් අනිවර්යෙන්ම ඔයලාව ගොඩාක් තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ට විතරක්ම ලං වෙන්න....
ආර්ථික අපහසුකන් ඉගන ගන්න බදාවන් තමයි.. ඒත් කොහොමහරි ඉගන ගන්න කැප වෙන්න කවදාවත් වරදින්නේ නැ...
ඉගන ගන්න විතරක් නෙමේ ජිවිතේ හැම ප්‍රශ්නයකටම විසදුම කැපවිමයි තමන් පිලිබද විශ්වාසයයි...
හිතුමතේට ජයවේවා...
මාත් එක්ක එකතු වෙලා ඉන්න අයට මේ දුක් පිරුනු ජිවිතේ කියවන එක කරදරයක් නම් සමාවෙන්න
ඊලග පොස්ට් එකෙන් නම් මගේ දුකක් නම් කියන්නේ නැ ඔන්න
දුක කියන එකත් ඒක නැති කරගන්න ක්රමයක්ලුනේ.
ReplyDeleteඔබට ජය..! දිගටම ලියමු
නියමයි කොල්ලෝ.. අපිත් ඔයිට කිට්ටුවෙන්න දුක්විඳල තමයි ඉගෙන ගත්තේ..ජයවේවා!
ReplyDeleteදුක උනත් සැප උනත් ඇත්ත කතාව තමා රසවත්
ReplyDeleteඔබ විශිෂ්ටයෙකි. එකේ කතා දෙකක් නෑ. කෙනෙක් ජීවිතයේ මුල් කාලයේ දුක් විඳින්න ඕනේ ඒ දුකින් ලැබෙන පන්නරය ඉදිරි ජීවිතයේ සැප ලැබීමට අනිවාර්යයෙන්ම ඉවහල් වෙනවා.
ReplyDeleteමම නම් ඉගෙනගන්න කාලයේ ආර්ථික අහෙනි වලින් ජීඩා නොවින්දත් ශාරීරික අපහසුකම් රාශියක් තියාගෙන හිටිය, තවමත් ඉන්න කෙනෙක්. ඒක නිසා මට අධ්‍යාපන අවස්ථා විතරක් නෙවෙයි අනෙක් තරුණයින්ට විඳින්නට ලැබෙන යොවුන් ආදරය පවා මට විඳින්නට නොහැකි උනා. තවමත් මට එහෙමමයි. තමන් ලෝකයට ශාරීරික, මානසික හා ආර්ථික දුක්ශකතා ඇතුව ඉපදුනත් ඒවා මැඩගෙන ආත්ම ශක්තියෙන ඉදිරියට යාම තමයි මූලික කාරණය
Ela kathawak machan....
ReplyDeleteUba nagitinna widapu duka apitath kiyala deepan. Ape piyaru babalata danaganna ka gahala kiyapan uba jeewithe kohomada nagitte kiyala...
Mama maga balagena innawa ube katu akul walin piruna para dige anagathaya jayagaththa hati ahanna.
Missaka : දුක කියන එක නැති කරගැනිමේ මාර්ගයක් කියලා මාත් අහලා තියනවා එකනේ නේද කියන්නේ මට දුක නැතිවෙන්න කැගහලා අඩන්න හිතුනා කියලා....
ReplyDeleteපැණි දොඩම් : දුක් විදලා ඉගනගන්න කොට තවත් කෙනෙක්ගේ දුක තේරුම් ගන්න පුලුවන් ශක්තියක් එනවා නේද අය්යේ
ReplyDeletekavikaari : ඒ කාලේ විදපු දුක් වුනත් දැන් මතක් කරනකොට සතුටක් දැනෙනවා කවිකාරියේ
ReplyDeletepandukabaya : මේ කියමන සමග 100%ක් එකග වෙමි
ReplyDelete"තමන් ලෝකයට ශාරීරික, මානසික හා ආර්ථික දුක්ශකතා ඇතුව ඉපදුනත් ඒවා මැඩගෙන ආත්ම ශක්තියෙන ඉදිරියට යාම තමයි මූලික කාරණය"
ඒ වගේම තමන්ට පුලුවන් කියලා හිතන එක ගොඩාක් වැදගත්.. ඔබට වරදින එකක් නැ කවදාවත්
Anonymous : hama post ekenma widapu duk gana nowunath padamak igana ganna puluwan kiyala hithena hama mohothakma beda gannawa mama oyala ekka
ReplyDeleteඒ දුක් විඳලා ඉගෙනගත්ත ඒක ගැන, දැන් ඉන්න තැන ගැන සතුටුයි නේද :) ඒ වින්ද දුක් ඉබේම මතක වෙනකොට සුන්දර මතකයක්, ශක්තියක් වෙනවා අනාගතේදී මට හිතෙන විදිහට . මටත් සමහර වෙලාවට ඔය වගේ අත්දැකීම් තියනවා, ඉදිරි ජිවිතයට ජයෙන් ජය!
ReplyDeleteමේවා කියවන එක කොහොමද හිතුමතේ අපිට කරදරයක් වෙන්නේ...නෑ බෑ කියලා හිතන අයට මේවා ආදර්ශයක් වේවි. හිතුමතේ සාමාන්‍ය පෙළ කරේ විෂයන් 10 ක් තියන කාලේ වගේ :) මට මතක විදියට එහෙම තිබුනේ අවු. 2 යි ද කොහෙද....
ReplyDeleteඔබට ජය..! දිගටම ලියමු..........
ReplyDeleteහිතුමතේ පට්ට කොල්ලෙක් !!!
ReplyDeleteමොන බාදකය ආවත් හොදට ඉගෙන ගෙන. මල්ලිට කියන්න අපිත් ඔහොම දුක් විඳලා ඉගෙන ගත්ත නිසයි අද මේ වගේ තත්වෙක ඉන්නේ. ඒ නිසා උබ අද සතුටු වෙනවා වගේම මාත් සතුටු වෙනවා.
Dishan Rajapaksha : ඇත්තටම අද හැරිලා ඒ දේවල් ගැන හිතලා බලනකොට හිතට දැනෙන්නේ අමුතුම සතුටක්..... ස්තුතියි ප්‍රතිචාරයට
ReplyDeleteසයුරි : ඔව් අක්කේ මම කරනකොට නම් විශයන් 10 තිබුනා..ඒත් අවුරුදු 2කට වඩා තිබුනා මම දන්න විදිහටනම්,... සතුටුයි කරදරයක් නොවුන එක ගැන
ReplyDeleteවිසිතුරු | visituru : ස්තුතියි යාලුවා...
ReplyDeleteමධුරංග : සමහර අයගේ ජිවිතත් දුක්වලින් පිරිලා අද හොද තැනක ඉන්නවා කියලා දැනෙනකොට සතුටක් අය්යේ.... කරදර බාධක බාධාවක් කරගන්න හොද නැ ජිවිතේට
ReplyDeleteඑළ කොල්ලෙක්නේ. වෙල්කම් කිව්වා බොග් ලෝකෙට. සින්ඩියටත් දාගත්තා..
ReplyDeleteඋඹ වගේ ධෛර්යය සම්පන්න මිනිස්සුන්ගේ ජීවිත අපි හැමෝටම ආදර්ශයක් බං...
ReplyDeleteමාතලන් : අනේ ගොඩාක් පින් අය්යේ...
ReplyDeleteලොකු බබා : ස්තුතියි යාලුවා ප්‍රතිචාරයට, දුක කෙලවර ඇත සතුටක්
ReplyDeleteහිතුමතේ දිනපු ජීවිතේ ගැන ලෝබ නැතුව අනිත අයට කියන එකත් ලොකු පිනක් ....
ReplyDeleteදුෂ්කරය කියා හැර යායුතුද ජීවිතය ....
කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස..
හිතුමතේට ජයවේවා!! :)
Ice (අයේෂා කුලතුංග): දිනන ජිවිතේ මගත් එක්ක රැදිලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි....... අනිවාර්යෙන්ම දුෂ්කර ගමනක මල් පොකුරු ශක්තියක්.... ගොඩාක් ස්තුතියි
ReplyDeleteපොඩි කාලෙ මටත් ප්‍රශ්ණ තිබ්බා. නමුත් ඔය වර්ගයේ ආර්ථික ප්‍රශ්ණ නෙවෙයි. මාත් ඒ ගැන ලියන්න හිතා ගත්තා.
ReplyDeletehenryblogwalker the Dude
Dude : ලියන්න අය්යේ හිතුමතේ විදපු දුක වගේම ආසයි කියවන්නත් දුක් විදලා දිනපු ජිවිත ගැනත්
ReplyDeleteඅමාරුවෙන් හරි කන්ද නගින්න සොයුර, පල්ලම අහුවෙනකොට ජීවිතේ සතුටින් පිරෙනවා.. ඔය අනිත් අයට වඩා.. අත්දැකීමෙන් කියන්නෙ !
ReplyDeleteමේ වගේ කතා ලියන්නෙ නැතිව ඉන්න එපා මල්ලි.... මේව අනිත් අයටත් ආදර්ශයක්.... ජීවිතේ පරජයටම දිනුම දීල හැම බලාපොරොත්තුවක්ම අතහැරල ඉන්න කෙනෙක් මේක කියවල එයාගෙ ජීවිතේ පොඩ්ඩක් හරි වෙනස් කරගත්තොත් කාටද ආඩම්බර....?
ReplyDeleteමට මතක් උනේ ගුරුවරියක් උනු මගේ අම්ම එයා වැඩ කළ ඉස්කෝලවල හිටපු ඉගෙන ගන්න පුළුවන් ආර්ථික අපහසුතා තියෙන ළමයින්ට උදව් කරපු හැටි.... පෑන්, පැන්සල්, පොත් විතරක් නෙවෙයි... ඒ සමහර ළමයි අපේ ගෙදර නැවතිලා ඉස්කෝලෙ ගියා... ඒවයෙ පිනෙන් වෙන්න ඇති අද අම්මගෙ දරුවො තුන්දෙන්නාම අම්මට සතුටුවෙන්න පුළුවන් තැන්වල ඉන්නෙ... අද ඒ සමහර ළමයි ලංකාවෙ විතරක් නෙවෙයි රට රාජ්‍යවල පවා වැදගත් තනතුරු දරන අය.... ඒ කට්ටිය එකතු වෙලා ළඟදි අම්මට 'ගුරු උපහාර' උත්සවයකුත් තිබ්බා...
මේක කියවන්න ආස හිතෙන හොඳ බ්ලොග් එකක් වේවි කියල හිතෙනව.
ReplyDeleteප.ලි.
අලුත් පොස්ට් එකක් පබ්ලිෂ් වුනාම කැමති පාඨකයන්ට, ඊමේල් එකක් මගින් දැනගන්න තියෙන විජට් එක ඇඩ් කොලොත් මොකද?
Weni : අත්දැකිම්වලින් කියන දේවල් වරදින්නේ නැනේ අය්යේ ස්තුතියි ප්‍රතිචාරයට
ReplyDeleteMiyuru : ඔව් අක්කේ එහෙම එකම එක් කෙනෙක් හරි උන්නොත් ඇත්තටම මම ලියපු ලිපිවල වටිනාකමක් තිබුනා කියලා බලල මට සතුටුවෙන්න පුලුවන්...
ReplyDeleteඅක්කගේ අම්මා ගොඩාක් හොද කෙනෙක් වගේ මටත් මේ තත්වෙට එන්න ඔය තරමටම උදව් කරපු ගුරුතුමියක් උන්නා.. සමහරවිට ඒ ගැනත් ලියවේවි.. අක්කලාගේ අම්මා කරපු ඒ පිනෙන් කවදාවත් අක්කලාගේ පවුලේ කාටවත් වරදින්නේ නැ අක්කේ... එහෙම උදව්වක් ලබන කෙනෙකුගේ හිත ගැන ගොඩාක් හොදට මම දන්නවානේ
Observer : ඔබා මාමලා තරම් ලස්සනට ලියන්න නම් මම දන්නේ නැ මාමේ.. ඒත් ඔහොම අහන්න ලැබුන එකත් මට සතුටක්..
ReplyDeleteප.ලි : ඒ ගැන ගොඩාක් ලොකු අවබෝධයක් නම් නැ මාමේ මට.. පොඩ්ඩක් ඒ ගැන හොයාගන්න (දාගන්න පුලුවන් විදිහක් තැනක්) මට කියනවද??
කට්ටකාල ඉගෙන ගත්තාමනේ බං එකේ අගේ වැඩි..උබට ජය.
ReplyDeleteRaj : ඒකනේ අය්යේ එහෙම තමයි මමත් හිතන්නේ....
ReplyDeleteජයවේවා හිතුමතේ.... ජිවිතය දිනන්න මගෙන් මල් මිටක්
ReplyDeleteහිතුමතේ. ඔයා වගේම දුක්බර අතීතයක් අපිටත් තිබුනා.ඔයා වගේ නොලිවට .ජිවිතේ අද්දැකීම් අපිව ගොඩක් සක්ති මත් කරනවා .කකුලෙන් ඇදල වට්ටන්න හදපු කාටවත් වට්ටන්න බැරි වෙන්න සක්තිමත් උනා එදා .හිතුමතේ.. ඔයාට සදා ජය !! බුදුසරණයි ඔයාට
ReplyDeleteහිතූමතේට දැන් මොනවා හිතුනත් කියවන අපට දැනෙනවා දැන් හිතූමතේ ජීවිතේ ජයගෙන ඉවරයි කියල.
ReplyDeleteදුක, කඳුල, සුසුම ජීවිතයකට දරාගන්නට පුළුවන් අන්තිම අන්සුවත් හිතුමතේම දරාගෙන මේ වෙනතුරු ආපු ගමන ගැන හිතුමතේට දැනෙන ආඩම්බරයම අපිටත් දැනෙනවා. ලියන්න ලියන්න හිතූමතේ ගලන ඔය කඳුළු අපටත් බෙදල දෙන්න.
අදමයි ආවේ,. ඔක්කෝම කියෙව්වා,. ඔයාගේ කථාව අදහන්න වටිනවා යාළු,. හරිම හැඟීම්බරයි,. ඒ වගේම ඔයා හරිම ශක්තිමත් කෙනෙක්,. ආදරෙන් ජීවිතෙන් පැරදුනාම කඳුළු හල හලා ඉන්නවට වඩා ඒ දේවල් වලින් පාඩමක් ඉගෙන ගන්න එක ලොකුම දෙයක්,. ඉදිරියටත් ජීවිතේ ජයගන්න සුභ පතනවා මමත් හදවතින්ම,.
ReplyDeleteදේවා ගේ අඩවිය : ගොඩාක් ස්තුතියි යාලුවා
ReplyDeleteAnonymous : මම ලියන එක වැරද්දක් නම් නෙමේනේ නේද??
ReplyDeleteජිවිතේ දිනපු දිනන හැමෝටම උපහාරයක්ම වේවා.....
බුදු සරණයි ඔයාටත්
වැලිමැඩියා : ජිවිතේ තවත් තියනවා දිනන්න දේවල් නම්... ඉස්සරහටත් ඔයාලා එක්ක ඒ හැමදේම දිනන්න මම ගොඩාක් උත්සහ කරනවා... කදුල විටක ගෙනෙවි සතුටක්...
ReplyDeleteප්‍රාර්ථනා : පලමුව සාදරයෙන් පිලිගන්නවා.. හැමදාමත් ඒවි කියලා බලාපොරොත්තු වෙනවා....
ReplyDeleteහදවතින්ම පිලිගන්නවා හැමදෙයක්ම.....
මේ මම ළඟදී මුහුණු පොතේ දාපු එකක්
ReplyDelete"යම් කාර්යයකට නිවැරදිව වැඩි වැඩියෙන් වෙහෙස වූ තරමට ඒ කාර්යය සාර්ථක කර ගැනීම කරගත හැකි අතර ඒ කාර්යය අවසානයේදී වැඩි වැඩියෙන් සතුටු විය හැකිය.........."
"සිත් සයුර" මගේ බිරිදගේ උනාට.blog බලන්නෙයි.comment කරන්නයි.කියලා තියෙන්නේ මටයි.කලින් එක කියෙවිවෙත් ලිවිවෙත් මම තමයි.ඔයාට බාහිරින් ප්‍රශ්ණ වැලක් ආවා නමුත් මට හිතෙනවා ඹයාගේ සැම ජයක් පසු පසම ඔයාගේ ආත්ම විස්වාසය වගේම මවි පියන්ගේ රැකවර්ණයත් පිහිටට එන්න ඇති.ඔයා නිකමි හිතලා බලන්න.ඹයකාලෙදි අමිමයි තාත්තයි නැත්නමී.ඒ මම මට ඉගෙන ගන්න බැරිවුනා මල්ලි O/L විතරයි.ඹයාගේ ආත්මවිශ්වසය තිබුනා.මට මගේ කෙල්ල දැන් මගේ ආදරණිය බිරිද හිටියා. සෙවනැල්ලක් මෙන්.එයාගේ දවල් කැම පංගුව උදේට මට දිලයි එයා පාසල් ගියේ.අපි දෙන්නට අපි විතරයි හිටියේ මට බිමී අගලක්වත් තිබුනේ නෑ.හැබැයි එයා වෙනස් වුනේ නැ එයාගේ ආත්මවිශ්විසයයි. මගේ උත්සායයි නිසා අපි අපේම පුංචි කැදැල්ලක අද ජිවත් වෙනවා.අවු.8කට පසු පුංචි දූවක් ලැබුනා.පයින් නැතුව ගමනක් යනවා.මම ලිවිවා වැඩියි වගේ නේද.ඔයාගේ post එක ඇතුලේ මමත් පුංවි post එකක් කලා වගේ දැනෙනවා. අපේ ජිවිතවල සමාන කමක් දැනුන නිසයි ලිවිම වැඩි වුනේ සමාවෙන්න ඔයාට ජය.............
ReplyDeleteHasitha : මට හිතෙනවා යාලුවා හරියටම හරි කියලා.... ඒ විදිහට වැඩ කරන්න පුලුවනම් කවදාවත් වරදින එකක් නැ යාලුවා
ReplyDeleteසිත් සයුර : ඔයාටත් ඔයාගේ ආදරණිය බිරිදටත් හිතුමතේ මුලු හදවතින්ම සුභ පතනවා.. ජිවිතේ ජය ගන්න ඔයාලට පුලුවන් හැමදාමත්.... ජිවිතේ දුක් විදපු කෙනෙක්ව ලේසියෙන් පරාද කරන්න අමරුයි....
ReplyDeleteජයවේවා
හිතුමතේ මම මේක කියෙව්වෙ අද..හරිම දුක්බරයි!!! මම කියවපු කොහේ හරි සගරාවක හරි,පත්තරයක හරි තිබුනා මතකයි මෙහෙම කතාවක්."ජීවිතේ ප්‍රශ්න හමුවේ පළා යන කාඩ්බෝඩ් වීරයන් වැනි මිනිසුන් නොව,ප්‍රශන හමුවේ තව තවත් ජීවිතය තදින්ම අල්ලා බදාගන්න සැබෑ වීරයන් වැනි මිනිසුන්ව අදහන්න" කියලා.
ReplyDeleteඇත්තටම හිතුමතේ සැබෑ වීරයෙක්.පුලුවන් නම් අද ඔය ඉන්න තැනිනුත් තව තවත් ඉස්සරහට යන්න බලන්න.ජීවිතේ හුගාක් දිනලා තියෙන්නෙ 0 ටත් පල්ලෙහාට වැටිච්ච මිනිස්සු අයියෙ.එහෙම වැටිලා නැගිටපු මිනිස්සුන්ව ආයෙත් මොකාටවත් වට්ටන්න බෑ...ඔයාව ආයෙත් වට්ටන්න කාටවත්ම බෑ...
ජය වේවා!!!!!
දිරිය පුතෙක්!
ReplyDeleteහිතුවක්කාරි : අනේ නංගියෝ කථාව මම වෙන කොහෙවත් කියලා නම් නැ මේ බ්ලොග් එකේ ඇරෙන්න.. තවත් අය ඇති මෙහෙම දුක් විදපු... ප්‍රශ්න ජිවිතේට ශක්තියක් කරගන්න එක ගොඩාක් ලොකු ගමනක පියවර කියලා හිතනවා... ඔයාගේ වචන ටිකත් ඇත්තටම ශක්තියක් නංගියෝ
ReplyDeleteකතන්දර Kathandara : ගොඩාක් ස්තුතියි අයියේ
ReplyDelete