Saturday, November 5, 2011

පලවෙනි පියවර තබා සටහන් තබන වගයි....

හිතුමතේ...... ඒ කියන්නේ අලුත් බ්ලොග් එකක්... ලියන්නේ හිතුමතේ ලියන කෙනෙක්.. හැබැයි ඇනෝ කෙනෙක් නම් නෙමේ.... මම බ්ලොග් එකක් මිට කලින් ලියලා තියනවා තාමත් ඒක ලියනවා.. ඒත් හිතුමතේ ලියන්නේ ඒ දේවල් එක්ක නෙමේ වෙනම අනනයතාවයකින්... ඒ හින්දා ඒ මම කවුද කියලා හොයන්න මහන්සි වෙන එකත් මම නම් හිතන්නේ අපරාධයක්...

හිතුමතේ ගොඩාක් දේවල් ගැන ලියන්න බලාපොරොත්තුවක් හිතුමතේ ඇති උන නිසා හිතුමතේ ලියන්න පටන් ගත්තා...

බ්ලොග් ලෝකයේ ගොඩාක් ලොකු චරිත මම දැකලා තියනව.... තාමත් දකිනවා...  සමහර චරිත වලට හිතුමතේ ගොඩාක් ආදරේ කරනවා,,,, ලොකු චරිත කියලා කියන්නේ එයාලා ගොඩාක් කල් බ්ලොග් ලියන අයම කියලා නෙමේ... සමහර අය ගොඩාක් කල් ඉදන් බ්ලොග් ලියන නිසා එහෙම වෙලා ඇති.. ලගදි බ්ලොග් ලියන්න පටන් ගත්තු ගොඩාක් ජනප්‍රිය අයත් ඒ අතරේ ඉන්නවා....

හැමෝම එක්ක ලොකු ගමනක් යන්න මෙන්න මෙහෙම හිතුමතේ පලවෙනි පියවර තබා සටහන් තබන වගයි....

පලවෙනි පොස්ට් එකට ෆලෝ කමෙන්ට් නොකලාට කමක් නැ කාටවත් මම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලන්නේ නම් නැ,..... බ්ලොග් එක හොදයි කියලා හිතෙනවානම් ඔන්න ඔයාලට කැමති තිරනයක් ගන්න පුලුවන්...

සිංහල බ්ලොග් කලාව වැජබේවා

27 comments:

  1. මුලින්ම උන්න මම සුබ පැතුවා .......

    හොඳ දේවල් ලියන්න, එතකොට ඉබේම ෆලෝස්ලා, කමෙන්ට් තමන්ව හොයා ගෙන එයි .....

    තමන් ලියන දේ ගැන තමන්ට සැටිස්ෆෙක්ෂන් එකක් තියනවා නං ඊට වඩා දෙයක් ගැන හිතන්න එපා ........

    මේ ලින්ක් එකෙන් ලාංකීය සිතුවිලි සින්ඩියට රෙජිස්ටර් වෙන්න .........

    මේ ලින්ක් එකෙන් හත්මාලුව සින්ඩියට රෙජිස්ටර් වෙන්න ........

    මොනා හරි ගැටළුවක් තියනවා නං කියන්න. කරන්න පුලුවන් උදව්වක් අනිවා කරනවා .......

    ඔබට ජය ..........

    ReplyDelete
  2. ලියන්නකෝ . බලන්න . රසවත් නම් මමත් එනවා අනිවාර්යයෙන්ම

    ReplyDelete
  3. පන්සල් හන්දිය : මුලින්ම කමෙන්ට් එක දාලා මට ශක්තියක් උන ඔයාට ගොඩාක් ස්තුතියි අය්යේ.... හැමදාමත් මේ පැත්තේ ඒවි කියලා හිතනවා.. සින්ඩි වලට දාගන්න දුන්නු ලින්ක් වලටත් ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  4. බින්දි : අනිවාර්යෙන්ම අක්කා... රසවත් හරවත් යමක් කරන්න තමා හිතාන ඉන්නේ...

    ReplyDelete
  5. දිගටම ලියන්න ගන්න. අනිවාර්යෙන් අපි කියවන්න එනවා.

    ජය වේවා

    ReplyDelete
  6. එහෙනම් දිගටම කරගෙන යන්න සුභ පතනවා.මම follow ත් කරා

    ReplyDelete
  7. අපි කියවන්න එනවා.

    ReplyDelete
  8. බුද්ධි : මේ සයිබර් යාය ලියන අය්යා වෙන්න ඕනා...මමත් ගොඩාක් කැමත්තෙන් කියවන බ්ලොගයක් තමා ඒක... ගොඩාක් ස්තුතියි මේ පැත්තේ ආවට

    ReplyDelete
  9. මධුරංග : අය්යා ගොඩාක් බ්ලොග් කියවනවා මම දැකලා තියනවා කමෙන්ට් වලින් පලවෙනි පොස්ට් එකටම ආව එක ගැන ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  10. රනුල් : සාදරයෙන් පිලි ගන්නවා මේ පැත්තට...

    ReplyDelete
  11. ඊමේල් කවිකාරි : ගොඩාක් සතුටින් පිලිගන්නවා...

    ඇනෝ : කමෙන්ට් එක පබ්ලිශ් නොකලේ ඇත්තටම අදාල නැති දෙයකට කියවන අයගේ හිත යන නිසා.. කුනුහරප වලටනම් මම කැමතිම නැ එහෙම නැතිව එන ඇනෝලව පබ්ලිශ් නොකර ඉන්නෙත් නැ...

    ReplyDelete
  12. බ්ලොග් එකත් එක්ක දිග ගමනක් යන්න මමත් පොඩි සුබ පැතුමක් දෙන්නම්

    ReplyDelete
  13. අපිත් එනව කියවන්න,සුබ පැතුම්!!!!!!

    ReplyDelete
  14. හිස් අහස : බ්ලොග් ලොකේ දැවන්තයෙක්ගෙන් ලැබෙන සුබ පැතුම කොහොමද පුන්චි එකක් වෙන්නේ සදරු..

    ReplyDelete
  15. නදි : ඒක මට ගොඩාක් ලොකු සතුටක් නදි අක්කේ

    ReplyDelete
  16. විසිතුරු : ගොඩාක් ස්තුතියි යාලුවා

    ReplyDelete
  17. මගෙනුත් සුභපැතුම් ... මන් ආවේ දෙවැනි ලිපිය හරහා... මාර විදියට මට ඒ කතාව හිතට දැනුන. ඒ දැනුන හින්දාම මම හැමදාම මෙහෙ එනවා..,

    ReplyDelete
  18. මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්!

    henryblogwalker the Dude

    ReplyDelete
  19. ක්සැන්ඩර් | Xander : ගොඩාක් සතු‍ටුයි... කෙනෙක් විදපු දුකක් තේරුම් ගන්න පුලුවන් හිතක් තියන එක ගැන ඇත්තටම ගොඩාක් සතු‍ටුයි හැමදාමත් එන්න පුලුවන්නම්

    ReplyDelete
  20. පිස්සා පලාමල්ල : සතුටින් පිලිගන්නෙමි... හද බැතින්

    ReplyDelete
  21. Dude: ගොඩාක් ස්තුතියි යාලුවා....

    ReplyDelete
  22. සුභ පැතුම්. තව බ්ලොග් එකක් ලියන කෙනෙක් නම් අපි දන්නාවත් ඇති. කොහොම නමුත් නැවත වරක් සුභ පැතුම් :)

    ReplyDelete
  23. Hasitha : සමහර විට දන්නවා ඇති.... හිතුමතේ ඒ ගැන කථා කරනවා අඩුයිනේ...

    ReplyDelete
  24. //සිංහල බ්ලොග් කලාව වැජබේවා//

    ආයුබෝවන් සහෝ !!!

    ReplyDelete
  25. මගේ සුබ පැතුම් සහෝදරයා!
    ඔයා ඔයාගේ බ්ලොග් එකට දාලා තියෙන්නෙ මගේ බ්ලොග් එකේ නමමයි මොකක්ද අපි මේකට කරන්නෙ,මම නම් හුග කාලෙකට කලින් පටන් ගත්තට බ්ලොග් එක අත ඇරලා දාලා තිබුනේ,

    ReplyDelete

හිතු මතේ මොනවාහරි කියල යන්න ඔන්න බල කරන්නේ නැ කැමතිනම් විතරක්